මේ රටේ විවිධ සමාගම් ආයතන, පුද්ගලයන් ඇතුළු 4479 දෙනෙකු රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනකින් බදු මුදල් රජයට ගෙවීම පැහැර හැර ඇති බව මහ බැංකු විශ්ලේෂණ අධ්‍යයන වාර්තාවක් මඟින් අනාවරණය වේ.පේරාදෙණිය විශ්වවිද්යාලඅධ්යයයන සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ මේ රටේ මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතන 28ක් මෙයට ඇතුළත් වන බවය.
මෙම පිරිසෙන් රු. කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 3108 දෙනෙකු බව ද එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.
කෝටි පහේ සිට කෝටි දහය දක්වා බදු මුදල් පැහැර ඇති පුද්ගලයන් ගණන 632ක් බවත්, රුපියල් කෝටි දහයේ සිට රුපියල් කෝටි තිහ දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 457ක් බවත් මහාචාර්යවරයා පැවසීය. රුපියල් කෝටි තිහේ සිට කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 104දෙනෙකු බවත්, රුපියල් කෝටි පනහේ සිට සීය දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 88 දෙනෙකු බවත්, කෝට් 100ට වැඩි ගණතින් බදු මුදල් එම පැහැර ඇති සංඛ්‍යාව 90 දෙනෙකු බවත් හෙතෙම පැවසීය. මෙම හිඟ බදු සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්රයේ නඩු විභාග වෙමින් පවතින බවත්,
එසේ ක්‍රියාත්මක වන නඩු සංඛ්‍යාව 350ක් බවත් සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වේ.
රජයේ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක්, බදු කොමිසන් සභාවේ අභියාචනා 1505 ක්ද විභාග වන බව මහාචාර්යවරයා පැවසීය. මෙරට විවිධ පුද්ගයන් 2023 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වනදා වන විට පැහැර හැර ඇති ගුරු බදු මුදල් සංඛ්‍යාව රුපියල් කෝටි 106,608කි. මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 106,600ක් ද ශ්‍රී ලංකා රේගුවට රුපියල් කෝටි පන්දාස් අටසීයක් ද සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හන්සීයකට ආසන්න මුදලක් ද වශයෙන් හිඟ බදු මුදල් අයවීමට ඇති බව මෙම අධ්‍යයන වාර්තාවේ සඳහන් වන බව මහාචාර්යවරයා පැවසීය.
චන්දන සමරවික්‍රම
0 Comments