thailand-on-arrival-visa-sri-lanka

සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැමිණීමේදී වීසා ලබාගැනීමේ (ඔන් අරයිවල් වීසා) ක්‍රමයක් අනුමත කිරීමට තායිලන්ත රජය කටයුතු කර තිබේ. එය ලබන 1 වනදා සිට ක්‍රියාත්මකය.



මෙම ක්‍රියාමාර්ගවලට වීසා රහිත සහ ඔන් -ඇරයිවල් වීසා යෝජනා ක්‍රම, සිසුන් සඳහා වැඩි කාලයක් රැඳී සිටීමට අවස්ථාව සැලසීම සහ විශ්‍රාමිකයින් සඳහා අනිවාර්ය සෞඛ්‍ය රක්ෂණය අඩු කිරීම ඇතුළත් බව වාර්තා විය.



විදේශ ඇමති අලි සබ්‍රී පෙන්වා දෙන්නේ ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින්ට දින 60 කාලයක් රැඳී සිටීම සඳහා දැන් වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි බවය.

තායි රජයේ ප්‍රකාශක Chai Wacharonke පවසන පරිදි, මෙම ව්‍යාප්තිය මගින් වීසා රහිත ප්‍රවේශය සඳහා සුදුසුකම් ඇති රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා වැඩි කර තිබේ. මෙම මුලපිරීම සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස රඳා පවතින ජාතික ආර්ථිකය නංවාලීම අරමුණු කර ගෙන ඇති බව ඔහු පැවසීය.