two-arrested-for-murder

අක්මී­මන ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු ඝාත­නය කොට රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යට පැමිණ එහි ලැගු­ම්හ­ලක සැඟව සිටි හිටපු යුද හමුදා සෙබ­ළකු ඇතුළු දෙදෙ­නකු පෙරේදා (11) අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සය පව­සයි.

සැක­ක­රු­වන් දෙදෙනා මෙන්ම මිය­ගිය පුද්ග­ලයා ද ප්‍රදේ­ශයේ හෙරො­යින් ජාවා­රමේ නිරත තිදෙ­නකු වන අතර ඒ සම්බ­න්ධ­යෙන් ඇති වූ බහි­න්බස් වීමක් දුර­දිග යෑමෙන් ඉකුත්දා (08) රාත්‍රී කුරුන්ද කන්ද ප්‍රදේ­ශයේ පාළු නිවෙ­සක නිදා සිටි­යදී ඔහුගේ ගෙලට කැත්ත­කින් පහ­රදී මෙසේ ඝාත­නය කොට තිබිණි.

මෙසේ මිය­ගොස් ඇත්තේ අක්මී­මන කුරුන්ද කන්ද හරස් පාර පස්ම­ළුව අංක 506හි පදිංචි ප්‍රසන්න කුමාර (හිච්චි මල්ලී) නමැති (42) හැවි­රිදි පුද්ග­ල­යෙකි.



මෙම පුද්ග­ලයා ඝාත­නය කිරී­මෙන් පසුව ඔහුගේ සොහො­යු­රාගේ නිවෙ­සට ද ගොස් ඔහුට ද පහ­රදී තුවාල සිදු­කොට ගාල්ල වංචා­වල ප්‍රදේ­ශයේ නිවෙ­ස­කදී ලේ තැව­රුණු ඇඳුම් පුලුස්සා දමා පසුදා උදෑ­සන රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ස්පා ආය­ත­න­යක සේවයේ නියුතු එක් සැක­ක­රු­ව­කුගේ ඥාති සහෝ­ද­රි­යක රැඳී සිටින රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ලැගු­ම්හ­ල­කට පැමිණ තිබේ.

සැක­ක­රු­වන් එහි රැඳී සිටින බවට බම්බ­ල­පි­ටිය පොලි­සි­යට අනු­යුක්ත බස්නා­හිර පළාත් බුද්ධි නිල­ධා­රි­ය­කුට ලද තොර­තු­ර­කට අනුව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­ස­යට අනු­යුක්ත විශේෂ විම­ර්ශන කණ්ඩා­ය­මක් මඟින් සැක­ක­රු­වන් දෙදෙනා රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ලගු­ම්හ­ලක සැඟව සිටි­යදී (11) අත්අ­ඩං­ගු­වට ගත් බව පැවසේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අක්මී­මන ප්‍රදේ­ශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබ­ළකු ඇතුළු (25 - 38) දෙදෙ­නකු වන අතර ඔවුන්

පෙරේදා (11) සවස අක්මී­මන පොලි­සි­යට භාර­දී­මට නිය­මි­තව තිබිණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජනක කුමාර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුමිත් ජය­සිංහ මහ­තාගේ උප­දෙස් මත පොලිස් පරී­ක්ෂක වීර­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පො.සැ. වරුන් වන (32053) කොඩි­කාර, (40793) තෙන්න­කෝන්, (36410) ගාමිණී, පො.කො. වරුන් වන (23191) තිසේරා, (86593) පසිඳු, (94891) චතු­රංග, (31612) ආරි­ය­රත්න, පො.කො.රි (14802) ලිය­නා­රච්චි ඇතුළු නිල­ධා­රීහු වැට­ලීම සිදු­කොට ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.

කොට්ටාව - ප්‍රදීප් කුමාර