under-tree-threat

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසත්, ගස් යට වාහන නවතා තැබීම හා රැදී සිටීම සිදුනොකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගස් කඩා වැටීම් නිසා පසුගිය දිනවල ආපදා තත්ත්වයන් රැසක් වර්තා වූ බවත්, මූලාශ්‍රවල ජලය භාවිත කිරීමේදී ජලමට්ටම් ඉහළ යෑම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කළේය.



"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176කට අයහපත් කාලගුණ තත්වයක් ඇති වී තිඛෙනවා. ආපදා තත්ත්වයන් දැනුම් දීමට හා ආපදා තත්ත්වයත් දැන ගැනීමට 117 දුරකථන අංකය භාෂා තුනෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂිත කදවුරුවල රඳවා සිටින ජනතාවට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු සියලුම් පහසුකම් ලබා දෙමින් තිබෙනවා. ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට දිස්ත්‍රික් ආපදා කළමනකාරණ ඒකක හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටිනවා. සහන සේවා කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහාය ලැබෙනවා..ගස් කඩා වැටීම් නිසා මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරනවා. කාලගුණ වාර්තාව අනුව පෘනන්නේ තවදුරටත් වැසි ඇති විය හැකි බවයි.”

ඉන්දික හේවාවිතාරණ