weather-tracker-pakistan-heatwave-continues

මේ දිනවල ආසියාව පුරා අසාමාන්‍ය කාලගුණ තත්වයන් වර්ධනය වී තිබේ.  පකිස්තානය මේ වනවිට අධික උණුසුමකට ‍මුහුණපා ඇති අතර මොහෙන්ජදාරෝ හි සෙල්සියස් අංශක 52 ඉක්මවා ගිය උස්ණත්වයක් වාර්තා කර තිබේ. රස්නය නිසා කඩ සාප්පු වැසී ගොස් ඇති බවත් විදුලි විසංධිවීම් සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 
පකිස්තානය දැඩි උෂ්ණ තරංගය නිසා තාප ආඝාතයට ගොදුරු වූ සිය ගණනක් රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබති. අධික උණුසුම නිසා අසනීප වූවන් ගැන වාර්තා ඇතත් මරණ තවම වාර්තාවී නැත.
පකිස්ථානයේ පවතින දැඩි උණුසුම හේතුවෙන් තත්ත්වය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වෙමින් ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත. මොහෙන්ජදාරෝ යනු දිගු ඉතිහාසයක් බවතින නගරයකි. ක්‍රිස්තු පූර්ව 2500 දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවති සමයේ ඉදිකරන ලද මෙම නගරය සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධය.


නගරය පිහිටි Sindh පළාතේ උණුසුම අධික බව වාර්තාවේ. පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් විවෘතව පවතින වෙළෙඳසල් වෙත පාරිභෝගිකයන් පැමිණෙන්නේ නැති බවද වාර්තා කර ඇත. ඉදිරි දින කිහිපය සඳහා පාකිස්තානයේ උපරිම උෂ්ණත්වය තනවත් අංශක 3-4 කින් වැඩි වනු ඇතැයි පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගණන් බලා තිබේ.

මොහෙන්ජදාරෝ සාමාන්‍යයෙන් උණුසුම් ග්‍රීෂ්ම කාලයන්, මෘදු ශීත කාලයන් සහ සුළු වර්ෂාපතනයක් අත්විඳියි.  මීට පෙර 2017 වසරේ දී වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 54ක් වාර්තා වී තිබුණේ ද මේ නගරයෙනි.
එල්නිනෝ දේශගුණික විපර්යාස හේතුවෙන් ආසියාවට අයත් තවත් රටවල් කිහිපයක කාලගුණ ගැටලු මතුව ඇත. බංගලිදේශයේ මියන්මාරයේ සහ තායිලන්තයේ උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 මැයි 22 වන දින බංග්ලාදේශයේ උෂ්ණත්වය අංශක 43.8 ක් ලෙස වාර්තා වූ අතර එය සාමාන්‍යයට වඩා අංශක 7 කින් වැඩි විය. උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් මෙහි පුද්ගලයන් 30 දෙනෙකු මිය ගිය අතර තායිලන්තයේ ද උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තාවේ.
මියන්මාරයේ උණුසුම් තරංග නිසා අප්‍රේල් සිට මැයි 10 දක්වා මරණ 40ක් සිදු විය. මෙහි උෂ්ණත්වය අංශක 48.2 දක්වා පැමිණ තිබුණි.