wesak-love-matter

 ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන ඇති වූ ආරවුලක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු පෙරේදා (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ත් 18 ත් අතර පසුවන තරුණයන් තිදෙනකු බව පොලිසිය පවසයි.



මියගිය පුද්ගලයා වෙසක් සිරි නැරඹීම සඳහා තවත් කීපදෙනකු සමග ඔරුගොඩවත්ත බණ්ඩාරනායක වටරවුම ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී සැකකරුවන් මිය ගිය තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගෙන බහින් බස්වී ඇති බව පොලිසිය කියයි. එහිදී සැකකරුවන් මියගිය පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදීත් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ ටී. ලූක්ෂාන් නැමැති පෑලියගොඩ, නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ අවුරුදු 22 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.


ගයාන් සූරියආරච්චි