100-rupee-stamp-minimum
තැපැල් මුද්දරයක අවම මිල රු.100 දක්වා වැඩිකිර්මට යෝජනා කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පැවසීය. එම මිල වැඩිකිරීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම පැවසීය. මිල වැඩි කිරීම පිළිබඳ වූ යෝජනාව තැපැල්පතිවරයාගේ අනුමැතියද සහිතව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බව ද ඒ මහතා කීවේය. ‛අද'පුවත්පත කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය. තැපැල් දෙපාර්තුමේන්තුව 2023දී පමණක් මිලියන 7000ක පාඩුවක් ලබා ඇති අතර, එම දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.



මුද්දරයක මිල රු.50ක් ලෙස ඉහළ දැමීමෙන් පසු අලාභය මිලියන 3කින් පමණ අඩු කර ගැනීමට හැකි වූවත්, සේවක වැටුප් වැඩි කිරීමත් සමග නැවතත් මිලියන 2800ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.2022 වන තෙක් රු.15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රු. 50කි. මේ අනුව එම මිල රු. 100 දක්වා වැඩි කිරිමට යෝජිතය. ඒ අනුව 2025 වන විට දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

 නවෝද්‍යා පවනි