210-ac-banned-terrorist

ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15 ක් සහ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ 210 දෙනකුට අයත් සියලු අරමුදල් වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව තහනම් නියෝගය නිකුත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.



එල්ටීටීඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, ජාතික තව්හිඤ්ජමාත් ජමා තේ මිලාදේ කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු ආයතනවල සියලු වත්කම් තහනම් කර තිබේ.මීට අමතරව වේළුපිල්ලේ රේවදන්, රාමන් සින්නප්පා, කරුණා කුලරත්නම්, දොරෙහි සාමි සෙල්ව කුමාර් රාමචන්ද්‍රන්, සන්මුග සුන්දරම් සහ කනගරාසා රවි සංකර් ඇතුළු පුද්ගලයන්ගේ රැසකගේ වත්කම් තහනම් කළ බව ආරක්ෂක ලේකම්වරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

රංජන් කස්තුරි