INFRARED INDUCTION FLYING BALL

 කුඩා ළමුන් විනෝදයට භාවිතාකරන යානාවක් ගුවන්ගතකර අරලියගහ මන්දිර භූමියට පතිත කරවීම සම්බන්ධයෙන් යානය ගුවන් ගත කරන ලදැයි කියන ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.


මෙය ඩ්‍රෝන යානයක් බවත් මෙවැනි යානා ගුවන්ගත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිසි අවසරයක් ලබාගත යුතු බවත් මෙම සැකකරුවන් දෙදෙනා එවැන්නක් සිදුකර නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය.
පොලිසිය ඩ්‍රෝන යානය යයි නම් කර ඇති උපකරණය INFRARED INDUCTION FLYING BALL වර්ගයේ ක්‍රීඩා උපකරණයක් වන අතර එහි කිසිදු සන්නිවේදන උපාංගයක් නැති බෝලයක් හා තටු ඇති එකක් ලෙස හඳුනාගෙන ඇත.
 අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයෙන් කළ දැනුම්දීමකට අනුව
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ A. JAMIL නැමැති 23 හැවිරිදි සහ KHUESHED නැමැති 36 හැවිරිදි ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකි.