woman-theft-arrested

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.කතරගම,

ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.



ඒ අනුව අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.ඊශ්‍රායල් රැකියා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් පමණක් බවත්, ඒ අනුව කිසිදු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා මැදිහත් විය නොහැකි හෙයින් එසේ රැකියා ලබාදීමට හැකි බව පවසා මුදල් අය කරන පුද්ගලයන් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



විදේශ රැකියාවක් ලබාගැනීම සදහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සදහා බදවාගැනීමට කාර්යාංශයේවලංගු බලපත්‍රයක් තිබේද යත්ත හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයන්ගෙත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
නවෝද්‍යා පවනි