KOHLI-ROHITH-FAIRWELL

ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට තම කණ්ඩායමට උපකාර කළ විගස ඉන්දීය නායක රෝහිත් ෂර්මා හා  විරාත් කෝලි විස්සයි20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළහ.


35 හැවිරිදි කෝලි, සෙනසුරාදා කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ  අවසන් තරඟයේදී ලකුණු 76ක වටිනා ඉනිමක්ද ක්‍රීඩා කළේය.


 කෝලි, තරගයේ ක්‍රීඩකයා සම්මානය ලබා ගැනීමෙන් පසු මෙසේ කීය: “මෙය මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් T20 තරගයයි. ඊළඟ පරම්පරාවට T20 තරගය ඉදිරියට ගෙන යාමට කාලයයි.”
කෝලි ජාත්‍යන්තර විස්සයි20 තරග 125 කදී ලකුණු 4,188 ක් රැස්කරමින් එම ආකෘතියෙන් සමුගත්තේ 137 ක පහර අනුපාතයක් සමඟිනි.

පැය කිහිපයකට පසුව, ෂර්මා T20 ජාත්‍යන්තර තරඟාවලියෙන් ඉවත් වීමට ආරම්භක සහකරු කෝලි සමඟ එක් විය.බොහෝ කලකට පසු  අවසන් තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්, 2007 ඉන්දීය ජයග්‍රාහී සංචිතයේ කොටසක් වූ රෝහිත්, T20 ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බව ද නිවේදනය කළේය.
“මෙය මගේ අවසන් T20තරගයයි, මෙම ආකෘතියෙන් සමුගැනීමට වඩා හොඳ කාලය මෙයයි. මම මේ හැම මොහොතකම රටට ආදරය කළා. මට කුසලානය දිනා ගැනීමට අවශ්‍ය වුණා. එය ඉටුවුණා"



දෙදෙනාම ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් සහ ඕවර 50 ක්‍රිකට් ක්‍රීඩා කිරීමට දිගටම කටයුතු කරනු ඇත. රෝහිත් කීය.

සාකච්ඡාවේදී කෝලි පැවසුවේ ක්‍රීඩාවේ කෙටිම ආකෘතියෙන් ඔහු විශ්‍රාම ගැනීම “විවෘත රහසක්” බවයි.

2013 චැම්පියන්ස් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දියාව ලැබූ පළමු ගෝලීය ශූරතාව මෙය විය.