Orders-to-prosecute-all-those-keeping-unregistered-elephants

නීත්‍ය­නු­කූල ලෙස ලියා­ප­දිංචි නොකර අලි ඇතුන් ළඟ තබා ගත් සියලු දෙනාට එරෙ­හිව නඩු පැව­රී­මට පිය­වර ගන්නා ලෙස නීති­ප­ති­ව­ර­යාට නියම කරන මැන්ඩා­මුස් රිට් ආඥා­වක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (31) නිකුත් කළේය. එසේම ඔවුන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගන්නා ලෙස වන­ජීවී අධ්‍යක්ෂ ජන­රාල්ට, පොලි­ස්ප­තිට සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියම කරන ලදි.



එසේම පර­ම්ප­රා­වෙන් අලි ඇතුන් තබා­ගෙන සිටි හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇතුළු මුල් හිමි­ක­රු­වන්ට එම සතුන් ලබා දෙන ලෙස ඉකුත් 2021 වසරේ සැප්තැ­ම්බර් මස මාතලේ සහ කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ විසින් නිකුත් කළ නියෝග බල රහිත කරන සර්ටි­යෝ­රාරි රිට් ආඥා­වක්ද නිකුත් කරන ලදී.

වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව භාර­යට ගත් අලි ඇතුන් 15 දෙනකු මුල් අයි­ති­ක­රු­වන් වෙත මුදා­හැ­රී­මට අදා­ළව නිකුත් කළ ගැසට් නිවේ­ද­න­යට එරෙ­හිව ස්වාභා­වික හා සංස්කෘ­තික අධ්‍ය­යන කේන්ද්‍රය සහ සත්ත්ව­යන් උදෙසා යුක්තිය නමැති සංවි­ධා­නය සහ පරි­සර යුක්ති කේන්ද්‍රය ගොනු කල රිට් පෙත්සම් හත­රක් විභාග කර අව­සන් කර එහි තීන්දුව ප්‍රකාශ කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මේ නියෝ­ගය කළේය.

සෝභිත රාජ­ක­රුණා සහ ධම්මික ගනේ­පොළ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් මේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන ලදි. ඒ අනුව පුද්ග­ල­යන් කිහිප දෙනකු ළඟ සිටි­යදී වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව භාර­යට ගත් අලි ඇතුන් කිසිදු පුද්ග­ල­ය­කුට ලබා­දී­මට පිය­වර නොගන්නා ලෙස අදාළ රජයේ නිල­ධා­රීන්ට නියම කෙරිණි. එසේම පර­ම්ප­රා­වෙන් අලි ඇතුන් ළඟ තබා­ගෙන සිටි පුද්ග­ල­යන්ට ලියා­ප­දිංචි කිරී­ම­කින් තොරව එම අලි ඇතුන් නැවත ලබා දීමට අදා­ළව ඇති රෙගු­ලා­සිද බල රහිත කරන ලදී.

වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජෙන­රා­ල්ව­රයා, ජාතික සත්ත්වෝ­ද්යාන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා, පින්න­වල, රිදී­ගම ඇත් අතුරු සෙවණේ අධ්‍යක්ෂ ජෙන­රා­ල්ව­ර­යාට සහ කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රාර් වරයා මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.



බල­පත්‍ර නොමැති කම හේතු­වෙන් වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව භාර­යට ගත් අලි ඇතුන් 15 දෙනකු ඔවුන්ගේ මුල් අයි­ති­ක­රු­වන් වෙත මුදා හරින ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා සහ මාතලේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් නියෝ­ග­යක් නිකුත් කර තිබුණි. නීති­ප­ති­ව­රයා විසින් ලබා­දුන් උප­දෙස් මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මගින් කරන ලද ඉල්ලී­ම­කට අනුව අදාළ මහේ­ස්ත්‍රා­ත්ව­රුන් විසින් මේ නියෝ­ගය කර ඇතැයි සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අදාළ මහේ­ස්ත්‍රා­ත්ව­රුන් විසින් අලි ඇතුන් මුදා­හ­රින ලෙස දුන් නියෝ­ගය වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආඥා පන­තට පට­හැනි බවට පෙත්සම් විභා­ග­යේදී කරුණු ඉදි­රි­පත් කෙරිණි.

එසේ මුදා හරින ලෙස නියම කර ඇති අලි ඇතුළු පිරිස අතර සිටින සුජීවා නමැති ඇති­න්නිය සහ ඇයගේ මාස තුනක් වය­සැති පැටියා මුල් අයි­ති­ක­රු­වන්ට මුදා­හ­රිනු ලැබු­වොත් ඇතින්න සහ පැටවා වෙන් කිරීම නිසා දැඩි අග­ති­යක් සිදු විය හැකි බවද එහිදී සඳ­හන් කෙරිණි. ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විනි­සුරු මඬුල්ල මේ පෙත්සම පිළි­බඳ සිය තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මේ නියෝග නිකුත් කළේය.

ජනා­ධි­පති නීතීඥ සංජීව ජය­ව­ර්ධන සහ නීතීඥ ආචාර්ය රවී­න්ද්‍ර­නාත් දාබරේ මහ­ත්වරු පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­යහ.
(නෙල්කා මැද­ගෙ­දර)