Schools-in-Galle-Matara-and-part-of-Ratnapura-will-be-closed-tomorrow

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්  රත්නපුර දිස්ත්‍රික්කයේ  රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හා නිවිතිගල අධ්‍යාපන කලාපයේ  ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් හෙට(05- බදාදා) වසා තැබෙන බව බලධාරීන් දන්වා ඇත.





දකුණු පළාතේ පළාත් අධ්‍යාපන කාර්යාලය හා සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්  මෙම තීරණ දැනුම්දී මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර තිබේ.

හෙටින් පසු  කාලගුණ තත්ත්වය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් විවෘත කිරීමට අදාළ තීරණ ගනු ලබන බවද එම නිවේදනයෙ සඳහන්ය.


ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත  ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා  උපදෙස් ලබා දී ඇති අතර එම පාසල් තවම වෙනම දන්වා නැත.