The-emotional-fans-of-Afghanistan-say-that-the-cricket-victory-has-brought-happiness-to-our-country-where-there-is-no-happiness

2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ඇෆ්ගන් ජාතික කණ්ඩායම සුදුසුකම් ලැබීම අඟහරුවාදා එරට දස දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ට සතුට ගෙන දුන්නේය.
කාබුල් අගනුවර සහ පළාත් කිහිපයකදී මෙය සමරනු ලැබූ බව ටොලෝ නිවුස් වාර්තා කර තිබේ.

විස්සයි20 ලෝක කුසලානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දස්කම් අගයමින් පුරවැසියන් බලාපොරොත්තු වන්නේ ජාතික කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කර අවසන් මහා තරගයට පිවිසෙනු ඇති බවයි.
හෙට (27) උදෑසන එම තරගය පවත්වන්නට නියමිතය.
ටොලෝ නිවුස් මෙම ජයග්‍රහණය ගැන එරට වැසියන් කිහිපදෙනෙකුගෙන් කරුනු විමසා තිබූ අතර
නන්ගර්හාර් හි පදිංචිකරුවෙකු වන ෆරාස් ඛාන් මෙසේ පැවසීය: "ක්‍රිකට් පමණක් අපව ලෝකයට තරඟකරුවෙකු කරලා...  මුළු ලෝකයේම සතුට අපට ගෙන ඇවිල්ලා."

කාබුල්හි පදිංචිකරුවෙකු වන ෆසාල් රහ්මාන් පැවසුවේ, "එය අතිශය සතුටක් මතු කළ සිදුවීමක්. රටක් විදිහට අපේ රට ඇෆ්ගනිස්ථානයට සතුටක් නැතත්, ක්‍රිකට් විශාල සතුටක් ගෙන දී තිබෙනවා.

සමහරු සිනාසුණා, සමහරු හැඬුවා, සමහරුන්ට කතා කිරීමටවත් නොහැකි තරමට ඇඬුණා."

 මෙම ජයග්‍රහණයත් සමඟ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් දලෝක කුසලාන ක්‍රීඩාංගනයේදී සතුටු කඳුළු වගුරනු රූපවාහිනී දර්ශන වලින් දිස් විය.

"ඇෆ්ගනිස්තානය මැච් එක දිනුවා කියලා ඉස්පිරිතාලෙදි ඇහුනාම තුවාල වෙලා කැඩුනු අත් දෙකෙන් ඒක සමරන්න ආවා. අපි දකුණු අප්‍රිකාව පරද්දලා කුසලානය ඇෆ්ගනිස්තානයට ගේනවා" පක්ටියාවේ පදිංචි සමියුල්ලා පැවසීය.

කාබුල්හි පදිංචිකරුවෙකු වන අබ්දුල් හමීඩ් රහීම්සායි පවසන්නේ "මගේ ජීවිතයේ කිසි දිනෙක මම මෙතරම් සතුටින් නොසිටියෙමි, දැන් මට මගේ හැඟීම් පාලනය කර ගත නොහැක." ලෙසයි.

බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්වෙන මෙම තරගයේ අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්තානය දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතය.