වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවයක නිරතවන පියා සතුව නිවසේ තිබුණ බෝර 16 වර්ගයේ පතොරම් තුවක්කුවකින් මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති බව වාර්තාවේ.
උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටි සිසුවා සාමාන්‍ය පෙළ දක්වා ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබා ඇති අතර උසස් පෙළ හදාරමින් සිටියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේය.
සාමාන්‍යයෙන් නිවසේ මව පියා වැඩට යද්දී මෙම සිසුවා කාමරයෙන් එළියට පැමිණ වැඳ නමස්කාර කරන බවත් සිද්ධිය වූ දිනයේත් කිසිදු වෙනසක් නැතිව ඔහු එසේ සිදුකර ඇති බවත් පැවසේ,
මෙම සිසුවා සිය කාමරයේ දොර වසාගෙන එහිවූ පුටුවක සිටිමින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් තිබේ.
මව, පියා රැකියාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමඟ මොහු නිවසේ සිටියත් වෙනත් කාමරයක සිටි සොයුරාට මොහු ගැන අවධානයක් තිබී නැත. කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන සොහොයුරා සේවයට සඳහා යාමට සූදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සහෝදරයා වෙඩි තබාගෙන සිටිනු දැක ඇත. පසුව ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.
පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී මුඛයට තැබූ වෙඩිල්ල නිසා හිසේ පසුපසට ද බරපතළ හානි සිදුව තිබූ බව පවසයි.
වෙඩි තබා ගැනීමට පෙර මෙම සිසුවා තියුණු පිහියකින් සිය වම් අතේ ස්ථාන තුනක් කපාගෙන තිබූ බවද සටහන් කරගෙන තිබේ.
පියා සතු ගිනි අවිය නිවසේ සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම කර ගෙන ඇති බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි.
ඔහු පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවී සිටි අතර පාඩම් වැඩ අතපසු කරමින් එම ක්‍රීඩාවල නිරතවනවාට ගුරුවරියක වන මව සහ විශ්‍රාමික පියාගේ විරෝධතාවයක් පැවතී ඇත. සිසුවාගේ කථිකාචාර්ය සොයුරා හා වෛද්‍ය සොයුරිය ගිය පාරේ යන්නට දෙමාපියන් ඔහුව උනන්දු කර ඇති අතර නියමිත අවුරුද්දට පෙර අවුරුද්දේ විභාගය කරවන්නටද සූදානම් කරවා ඇත. නමුත් විභාගය හරියට කරගන්නට බැරිව යනු ඇතැයි ආතතියකින් ඔහු පෙළුන බව පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට දැනගන්නට ලැබී තිබේ.
මෙම සිසුවාගේ එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොහොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි.
ගම්පොළ ජාත්‍යන්තර පාසලකින් මූලික අධ්‍යාපනය ලබා ඇති මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සාපෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළත්ව තිබේ.
නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කර ගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසේ.
මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර, පරිගණකය හා ජංගම දුරකතනය නිතර පරිහරණය කර තිබේ.
පොලිසිය සැක කරන්නේ මෙම සිසුවා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවය. එසේම විභාගය පිළිබඳව සිතා ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද ප්‍රකාශ විය.
ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
0 Comments