afgan-uganda-match-t20

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ උගන්ඩාව පරාජය කිරීමට ඇෆ්ගනිස්ථානය අද සමත් විය.

T20 ලෝක කුසලාන තරඟාවලියේ 5 වන ලීග් තරඟය වූ මෙහිදී කාසියේ වාසිය දිනාගත් උගන්ඩා නායක මසාබා පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු
183ක් රැස් කළ අතර කුර්බාස් එම කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 76 රැස් කළේය.

මෙයින් අනතුරුව ලකුණු 184ක් රැස්කරමින් ජයග්‍රහණයේ ප්‍රබල ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි
උගන්ඩා කණ්ඩායමේ පිතිකරුවෝ ඉක්මනින් දැවී ගියහ. උගන්ඩාව පන්දුවාර 16කදී ලකුණු 58කට දැවී ගියේ බසාල්හක් ෆාරුකි කඩුලු රැසක් දවා ගැනීම නිසාය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයට ලකුණු 125ක ජයක් හිමිවිය. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් බසාල්හක් ෆාරුකි උපරිම කඩුලු 5ක් ද නවීන් උල් හක් සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් ද දවා ගත්හ.