amaraweera-speaks

හිටපු සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට මන්ත්‍රී­වරු 142ක් සමඟ භාර දුන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මන්ත්‍රී­වරු 2කට බස්සවා විනාශ කළ බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති,ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති මහින්ද අම­ර­වීර මහතා පැව­සීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මෙසේ විනාශ වී යෑම බලා සිටී­මට නෙහැකි වූ නිසා,හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නිය විසින් හිටපූ සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට විරු­ද්ධව අධි­ක­ර­ණ­මය ක්‍රියා­මා­ර්ග­ව­ලට අව­තී­රණ වූ බව ද අම­ර­වීර මහතා කීය.



හද­බිම අධි­කා­රිය විසින් ක්‍රියා­ත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මා­න­වල තරුණ ව්‍යව­සා­ක­යන් සඳහා නොමිලේ කුකුළු පැට­වුන් ලබා­දීම සඳහා වූ ව්‍යාපෘ­තියේ තිස්ස­ම­හා­රා­මයේ දී පැවැති වැඩ­ස­ට­හ­න­කදී ඇමැ­ති­ව­රයා මේ බැව් පෙරේදා (17) ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

දැන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය තිබෙන්නේ අපේ අතේ.වැඩ බලන කෑලි දැන් අපේ පක්ෂයේ නැහැ.ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හිටපු සභා­ප­තිගේ කාලේ කෑලි­ව­ලට කැඩිලා ගියා. පාක්ෂි­ක­යන්ට අපේ පක්ෂය ගැන කිසිම විශ්වා­ස­යක් තිබුණේ නැහැ.මන්ත්‍රී­වරු 142ක් එක්ක අපි හිටපු සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­ත්ත­යාට භාර දුන්නු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අන්ති­මට මන්ත්‍රී­වරු දෙන්නට බැස්සුවා.හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නිය හිටපූ සභා­ප­තිට විරු­ද්ධව අධි­ක­ර­ණ­මය ක්‍රියා­මා­ර්ග­ව­ලට ගියේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විනාශ වෙනවා බලා ඉන්න බැරි නිසයි.



දැන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නාය­කයෝ වැඩියි කියා සම­හරු කිය­නවා.ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ඉන්නේ එකම නාය­ක­යයි.ඒ අපේ සභා­පති වශ­යෙන් නීත්‍යා­නු­කූ­ලව පත්වෙලා ඉන්න ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහ­තායි.අපි හැම­වෙ­ලා­වෙම කට­යුතු කරන්නේ නීතිය අනු­වයි.නීති­යට පට­හැනි දේවල් අපි කරන්නේ නැහැ.ඒ නිසා තමයි මේ පත් කිරීම් කිසිම දේකට විරු­ද්ධව හිටපු සභා­ප­තිගේ පාර්ශ්වයේ කිසිම කෙනෙක් නඩු දාන්නේ නැත්තේ.දැන් ශ්‍රී ලංකා නිද­හස් ලක්ෂය තිබෙන්නේ අපේ අතේ.අපි මේ පක්ෂය අපේ අතට ගත්තේ නීත්‍යා­නු­කූ­ල­වයි.මේ මාසයේ 29 වැනිදා වැල්ල­වායේ දී අපි නව සන්ධා­නයේ දෙවැනි මහ­ජන රැලිය පව­ත්ව­නවා.

එදා­ටත් විශාල පාක්ෂි­ක­යන් පිරි­සක් සහ­භාගි වෙනවා. ඒ වගේම කවු­රු­වත් නොසි­තන දේවල් පවා එදාට සිදු­වෙන්න පුළු­වන්.ඉදි­රියේ දී මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා පත් කරන්නේ අපේ සන්ධා­නය මිසක් ඔය අතන මෙතැන අටව ගත්ත සන්ධාන නොවෙයි. අනි­වා­ර්යෙන්ම මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා වන්නේ අපි සහ­යෝ­ගය දෙන නාය­ක­යායි.

(බුද්ධිකා ඉඹු­ලාන)