ampara-incident

වෙළෙඳුන්ට ව්‍යාජ චෙක්පත් ලබාදීමේ සිදුවීමක් ගැන කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට එයට ඉඩ නොදී පළායාමට අවස්ථාව සලසමින් නිවසේදී හැසිරුණ එම කාන්තාවගේ මව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


සිද්ධිය සිදුවන අවස්ථාවේදී සැකකාර කාන්තාව නිවසේ සිටි නමුත් පොලිසියට හසුවන්නට නොදී දියණිය ආරක්ෂා කිරීමට මව සාවද්‍ය උත්සහයක නිරතවී ඇත.

ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන  දියනිය පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් රාජකාරියට බාධා කළ බව කියන එම සැකකාරියගේ මව අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සැකකාරියට පැන යාමට උදව් කිරීම සහ පොලිස් කාන්තා නිලධාරිනියන්ගේ නිල ඇඳුමට හානි කිරීම යන චෝදනා මත සැකකාරියගේ මව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ඉන් අනතුරුව ඇය අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කළේය.