anura-sajith-debate-itn

පසුගිය සති කිහිපය තුළ දේශපාලන ලෝකය තුළ විවිධ සංවාද වලට ලක්වූ සජිත් - අනුර විවාදය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහන අද (6) රාත්‍රී වෙන් කර තිබූ අතර ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයින් වෙනුවෙන් සභාපතිවරයා සජබ හා ජාජබ නායකයින් වෙත ලිඛිත දැනුම්දීම් කරමින් ආරාධනය කර තිබුණි.


මෙම ආරාධනය පිළිගෙන ජාජබ වෙනුවෙන් නලින්ද ජයතිස්ස ලිපියක් එවමින් තම නායක සහෝදරයා පැමිණෙන බව කල් ඇතිව තහවුරු කළේය. ස්වාධීන රූපවාහිනිය දිගින් දිගටම මේ ගැන ප්‍රචාරය කළ මුත් සජබයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ අතර අද (6) සවස අවසන් මොහොතේ සජබ වෙනුවෙන් නලින් බණ්ඩාර ලිපියක් එවමින් තම පක්ෂය මුලින් ආර්ථික කමිටු විවාදයක් ඉල්ලා සිටි බවත් නායක විවාදයකට තම පක්ෂය දෙවනුව එකඟවූ බවත් කියමින් මෙම වැඩසටහනට කිසිවෙකු සහභාගී නොවන බව දන්වා තිබේ.
මේ අනුව අද දින වැඩසටහනට පැමිණියේ ජාජබ නායක අනුර කුමාර දිසානායක පමණි.
සජිත් වෙනුවෙන් තිබූ අසුන හිස්ව තිබා තිබූ අයුරුද දිස් විය.


වැඩසටහනට පැමිණි අනුර සමග විවාද වැඩසටහනක් කරන්නට ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නොවූ නිසා වැඩසටහන් ඉදිරිපත් කරන සුදර්මන් රදලියගොඩ එය සංවාද වැඩසටහනක් බවට හරවා අනුර කුමාර සමග සාකච්ඡාවක් සිදු කළේය.
මෙම විශේෂ අවස්ථාවට සජබය සිය නායකයා එවීමෙන් වැළකී සිටීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ.