ashu-marasinghe-speaks

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (6) පැවසීය.





ජනාධිපතිවරයාගේ නව දේශපාලන කාර්යාලය අද (06) කොළඹ මල් පාරේදී විවෘත කිරීම සිදුවූ අතර ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.
“ජනාධිපතිවරයා හැටියට ආර්ථිකය හසුරුවනවන ගමන් රනිල් වික්‍රමසිංහ දේශපාලඥයෙක් හැටියට එතුමාගේ දේශපාලන කාර්යාලය අද විවෘත කළා. මුලින්ම තියෙන්නේ ජනාධිපතිවරයණය. මෙක ජනාධිපතිතුමත් සෑම තැනකම කියලා තියෙනවා ජනාධිපතිවරණයට තමයි අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා. ජනාධිපතිවරණය ඔක්තෝබර් 17ට කලින් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඔක්තෝබර් මාසයේ පළවෙනි සෙනසුරාදා හෝ දෙවෙනි සෙනසුරාදා ඔය දෙකෙන් එකක තියෙයි. එතුමා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට එනවා. ඒක අපි ස්ථීරවම කියනවා.”