athuraliye-rathana-speaks
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි රජයට එරෙහිව  කොළඹ පැවති විරෝධතාවයකට සහභාගිවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


මේ දිනවල විවිධ පක්ෂ එක්ව සන්ධාන හැදූවත් තමන් වහන්සේ ඒ කිසිවකට සම්බන්ධ නොවන බව පවසමින් අදහස් දක්වා ඇති හිමියෝ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද කීහ.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසූ උන්වහන්සේ වර්තමානයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන   ක්‍රියාත්මක වෙමින් ඒ අනුව සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයිද කීහ.