athurugiriya-inter-exchange-fraud

2020 දී රටේ විදුලි අර්බුදයක් ඇති වූ අතරතුර එය නිසා සිදුවූවක් ලෙස ඇ ගවෙන පරිදි විදුලිය විසන්ධි කර විදුලි රැහැන් කපා අධිවේගයේ මුදල් කවුන්ටර ඔස්සේ නිලධාරීන්ගේ විශාල මුදල් වංචාවක් සිදුව ඇතැයි හෙළිව තිබේ.



මෙය ඉතා කපටි ලෙස සිදු කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය විය. අතුරුගිරි  හුවමාරු ස්ථානයේ සේවකයින් 27 දෙනෙකු සේවය කරන අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු මෙම වංචාවට සම්බන්ධ බව විමර්ශනයේදී අනාවරණය විය.

මෙම කාලය තුළ විදුලිය විසන්ධි කර ආරක්‍ෂිත කැමරා අක්‍රිය කර අතුරුගිරි හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණෙන ගනුදෙනුකරුවන්ට ප්‍රවේශපත්‍ර ලබා නොදී මුදල් ලබා ගනිමින් දැවැන්ත මුදල් වංචාව සිදුකර ඇති බව අනාවරණය වේ. මේ ආකාරයට 2024 ජනවාරි මස අගදීද දින කිහිපයකින් ආරක්ෂිත කැමරා අක්‍රිය කර රුපියල් ලක්ෂ 20ක පමණ වංචාවක් සිදු කර ඇති බව අනාවරණය විය.

මොවුන්ගේ වංචාවන් අනාවරණය කර ගැනීම සඳහා

විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි විදුලිය විසන්ධි කරන විට විකල්ප මාර්ගයක් භාවිත කර ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක කරන අයුරු කැමරා කාචවල සටහන්ව ඇති බව වාර්තා වේ. ජනවාරි 20 වැනිදා අතුරුකිරි හන්දියෙන් පිටතට පැමිණි වාහන 23 න් පෙරවරු 11.30 ත් 2.30 ත් අතර වාහන 04 කට පමණක් ප්‍රවේශපත්‍ර මුද්‍රණය කර නිකුත් කර ඇත. 19,500/= ක් වටිනා ප්‍රවේශපත්‍ර 38 ක් මුදල් අයකැමිවරයා විසින් මුද්‍රණය නොකළ බව අනාවරණය විය. අතුරුගිරි අධිවේගී මාර්ග පිවිසුමේ සිදුවන වංචා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝබ් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සහ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් මෙය අනාවරණය විය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව මෙම මහා මුදල් වංචාවට සම්බන්ධ සේවකයන් වසර ගණනාවක් තිස්සේ වාහන මිලදී ගෙන මත්පැන් සාද පවත්වමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇත.



මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඔවුන්ව මේවනවිටත් සේවයෙන් නෙරපා හැර ඇත.
වැඩ තහනම් කිරීමේදී අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමණාකරණ අංශයේ හෝ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීම හෝ පෞද්ගලික අවශ්‍යතා සඳහා විදේශගත වීම සපුරා තහනම් වන අතර අත්හිටුවීමේදී වැටුප් නොගෙවන බවද නිවේදනය කර තිබේ.