avishka-sachethana-jayaweera

දුම්රි­යක ගැටී මිය යන්නට ඇතැයි සැක­කෙ­රෙන විශ්ව­වි­ද්‍යාල සිසු­වෙ­කුගේ මළ සිරු­රක් ජා-ඇළ දුම්රිය ස්ථානය ආස­න්නයේ තිබී හමුවූ බව පොලි­සිය පව­සයි.



ජා-ඇළ පොලිස් ස්ථාන­යට ලද තොර­තු­රක් මත 25 වැනි දින මෙම මළ සිරුර සොයා­ගෙන ඇත. ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය­යෙක් වන මිය­ගිය අය එච්.
අවිශ්ක සචේ­තන ජය­වීර (23) යන අය බව පොලි­සිය පව­සයි. පල්ලම හලා­වත ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන මිය­ගිය තැනැත්තා කුමන හේතු­වක් මත මෙම ප්‍රදේ­ශ­යට පැමි­ණි­යේ­දැයි අනා­ව­ර­ණය නොවන බව පොලි­සිය කියයි.

අලු­යම් කාලයේ කොළඹ - හලා­වත දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රි­යක මෙම පුද්ග­ලයා ගැටී ඇති බව පොලි­සිය සැක කරයි. උදෑ­සන මෙම දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රි­යක රියැ­දුරු මහ­තකු දුම්රිය ම‍ඟෙහි පුද්ග­ල­යකු වැටී සිටිනු දැක

ඒ සම්බ­න්ධ­යෙන් ජා-ඇළ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මට පිය­වර ගෙන තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ජා-ඇළ පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

අවිශ්ක සචේ­තන ජය­වීර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ තෙවැනි වසර සත්ව විද්‍යා උපාධිය හදාරමින් සිටි සිසුවෙකි.