Postal-teachers-and-RDA-strike

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද (12දා) මාධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.


තැපැල් දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු පන්දහසකට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා සේවා සැපයීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවද දන්වා ඇත.

මෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් සිය සංයුක්ත දීමනාව
ලබා දෙන ලෙස ඉල්ලමින් අද (12) සවස 2.00 වන විට ඇගයීම් කටයුතුවලින් ඉවත්වන බව ලංකා ගුරු
සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් දන්වා සිටියි.


කලාප කාර්යාල මට්ටමින් පවත්වනු ලබන මෙම උද්ඝෝෂණය සඳහා මේ සඳහා සහභාගීවී ඇති ගුරුවරුන්
35,000 දෙනා සම්බන්ධවන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. පසුගිය වසරේදී උසස්පෙල ඇගයීවලට
සහභාගීවූ ගුරුවරුන්ට රු 2000- 3000 අතර සංයුක්ත දීමනාවක් ලබාදුන් නමුදු මෙවර එය සාමාන්‍ය
පෙල ගුරුවරුනට ලබාදීමේ සූදානමක් නැතැයි ගුරු සංගමයේ ලේකම් පවසයි.


මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග නඩත්තු අනියම් සේවකයින් පිරිසක් අද (12) දිනයේ විරෝධතාවක නිරත වන බව එක්සත් පොදු සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් නිහාල් අජිත් පැවසුවේ එම සේවකයින් 2025 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා අතර, මේවන තෙක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවයි.