10-bottles-of-alcohol-in-the-Delft-court-warehouse-were-infused-with-tea
ඩෙල්ෆ්ට් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත් මත්පැන් බෝතල් 10ක් යාප­නය අධි­ක­රණ සංකී­ර්ණයේ නඩු බඩු ගබ­ඩා­වේදී තේ කහට බවට පත්වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පෙරේදා (12) පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.



ඩෙල්ෆ්ට් පොලි­සිය විසින් නීති විරෝධී ලෙස බල­ප­ත්‍ර­යක් නොමැ­තිව මත්පැන් බෝතල් 10ක් ළඟ තබා ගෙන සිටි පුද්ග­ල­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන ඩෙල්ෆ්ට් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කොට තිබේ.

එහිදී සැක­කරු වරද පිළි­ග­නීම නිසා මත්පැන් බෝතල් 10 ඉදිරි නඩු කට­යුතු සඳහා යාප­නය අධි­ක­රණ සංකි­ර්ණයේ ගබඩා කොට තබන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­ක­රුට දඩ නියම කරනු ලැබීය.



අදාළ නඩුව යළි විභා­ග­යට ගත් අව­ස්ථා­වක මත්පැන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කළ අව­ස්ථා­වේදී ඒවා­යෙහි පැහැය වෙනස් වී තිබීම නිසා මත්පන් බෝතල් පිළි­බ­ඳව කළ පරී­ක්ෂා­ව­කදී එම බෝත­ල්වල මැත්පැන් වෙනු­වට තේ කහට අඩංගු බව පෙනී ගොස් තිබේ.

ඩෙල්ෆ්ට් පොලි­සිය විසින් මේ පිළි­බ­ඳව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසුව එහි සාම්පල වැඩි­දුර පරී­ක්ෂණ සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවන ලෙසද සිද්ධිය සම්බ­න්ධ­යෙන් පූර්ණ පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙසද ඩෙල්ෆ්ට් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝ­ග­කොට තිබේ.



ඒ අනුව යාප­නය අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා ඇතුළු පිරි­සක් මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලි­සියේ සහාය ඇතිව වෙනම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කොට ඇත.

මත්පැන් බෝතල් 10ම අධි­ක­ර­ණයේ මුද්‍රා සහි­තව ගබඩා කොට තිබි­යදී මත්පැන් බෝත­ල්ව­ලට කව­රෙකු විසින් හෝ තේ කහට පුරවා මත්පැන් ඔවුන් විසින් ලබා ගන්නට ඇතැයි පොලි­සිය සැක­ක­රයි.

රසුල දිල්හාර ගමගේ