Fonseka and TEAM will jump to Ranil this evening

සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යුද්ධය ගැන රචනා කරන ලද ග්‍රන්ථය එළිදැක්වීම අද (28) පස්වරු සිදුවන අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතව තිබේ.


 ෆොන්සේකා මහතාගේ මෙම උත්සවයට සමගි ජන බලවේගය හෝ පොහොට්ටුව නියෝජනය කරමින් එජාපයට එක්වන්නට අදහස් කරන පිරිසක් ද එක්වන බවට වාර්තා පළවේ.

සමගි ජන බලවේගයේ සභාපති "ෆීල්ඩ් මාර්ෂල්"  තනතුර දරන සරත් ෆොන්සේකා මහතාට එයටත් වඩා උසස් මාර්ෂල් තනතුර ජනපතිවරයා ඉදිරියේ පිරිනමන්නට නියමිත අතර  ඔහු සමග එලැඹෙන සතියේ මාතර රනිල් පවත්වන රැස්වීමකටද සජබයෙ හා පොහොට්ටුවේ  රනිල් පක්ෂපාතීන් කන්ඩායම එක්වන්නට නියමිතය. ඔවුන් වැඩිදෙනෙකු එලැඹෙන සතියේ ඇමතිවරුන් බවටද පත්වනු ඇත.

පක්ෂයට විරුද්ධවී කටයුතු කරන සභාපතිවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.



නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බව ද හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.