The-Chinese-are-not-allowed-to-cultivate-sea-leeches-in-Jaffna---Fisheries-Minister

 යාප­නය දිස්ත්‍රි­ක්කයේ මුහුදු කුඩැ­ල්ලන් වගා කිරී­මට මින් ඉදි­රි­යට චින ජාති­ක­යන්ට අව­සර ලබා­නො­දෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා පැව­සීය.

යහ­පා­ලන රජය සමයේ එක් චීන සමා­ග­ම­කට මුහුදු කූඩැ­ල්ලන් අභි­ජ­න­නය කිරී­මට අව­සර ලබා දී තිබුණ ද වර්ත­මා­නයේ දී එම ආය­ත­නයේ ද බල­පත්‍ර අව­ලංගු කිරී­මට තමා කට­යුතු කළ බවත් දේවා­නන්දා මහතා පව­සයි.

යාප­නයේ දිස්ත්‍රි­ක්කයේ මුහුදු කූඩැ­ල්ලන් වගා­ක­රු­වන් සමඟ පෙරේදා (17)පැවති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මේ බැව් ප්‍රකාශ කළේය.



මෙහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වු ඇමැ­ති­ව­රයා මුහුදු කූඩැ­ල්ලන් වගා කිරී­මෙන් යාප­නය ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ආර්ථීක තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා පිය­වර ගන්නා බව ද වගා­ක­රු­වන් මුහුණ පා සිටින ප්‍රයෝ­ගික ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මට තමන් පිය­වර ගන්නා බවත්ය.

මුහුදු කූඩැ­ල්ලන් වගාව මේ වන විට විශාල වශ­යෙන් දියු­ණු­වට පත් වී ඇති බව ප්‍රකාශ කළ ඇමැ­ති­ව­රයා මේ පිළි­බ­ඳව අසත්‍ය ප්‍රකාශ කරන ජන­තා­ද්‍රෝහි දේශ­පා­ල­න­ඥ­යන්ගේ බොරු­ව­ලට රැව­ටී­මට අවශ්‍ය නැති බව ද කීය.



පසු­ගිය කාලයේ ජන­තාව විවිධ ආණ්ඩු විරෝධි දේශ­පා­ල­න­ඥ­යන් විසින් මුහුදු කූඩැ­ල්ලන් වගාව පිළි­බඳ වැරදි ප්‍රචා­රය කර­මින් ජන­තාව එම රැකි­යා­වෙන් ඉවත් කිරීම නිසා වු විනා­ශය නිසා මේ ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ජිව­නෝ­පාය පසු­බෑ­ම­කට ලක්වුණු බවද ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය.මින් පසු එම ජන­තාව මේ ආණ්ඩු විරෝධි දේශ­පා­ල­න­ඥ­යන්ගේ වච­න­ව­ලට නොරැ­ව­ටෙන බව තමන්ට විශ්වාස බව ද ඇමැ­ති­ව­රයා කීය.

ධීවර දෙපා­ර්ත­මේ­න්තුවේ යාප­නය දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුදා­ක­රන්,නැක්ඩා ආය­ත­නයේ උතුරු පළාතේ නියෝ­ජය අධ්‍යක්ෂ නිරුප රාජ්,වේලෛ­නයි ප්‍රාදේ­ශිය ලේකම් සිව­ක­රන් ඇතුළු නිල­ධා­රිහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වුහ.

(බුද්ධිකා ඉඹු­ලාන)