The-two-poisoned-fishermen-are-rescued-by-a-Singaporean-ship

 මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් රෝගාතුරවී සිටින ඩෙවොන් යාත්‍රා වේ ධීවරයින් දෙදෙනා සිංගප්පූරු වෙළද නෞකාවකින් බේරා ගෙන තිබෙන බවත් ඔවුන් මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නාවික හමුදාව ප්‍රකාශ කළේය.


ධීවරයින් දෙදෙනා නාවික හමුදා විජයබාහු නෞකාවට භාරදීමට නියමිත අතර දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බවට දන්වා ඇතැයි නාවික හමුදාව පවසයි.
මුහුදේ පාවී ආ බෝතලයේ තිබූ දියරයක් පානය කිරීමෙන් විසවී ඩෙවොන් 5 යාත්‍රාවේ සිටි ධීවරයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මෙලෙස බේරාගැනුනේ විස ශරීරගතවූ ඉතිරි දෙන්නාය.


නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ
සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනා
(02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින්
 මුදවා ගැනීමට කටයුතු කෙරුණු බව නාවික හමුදා මාධ්‍ය නිවේදනයක සඳහන්ය.
මෙම අනතුරුදායක තත්වය වෙත ධීවරයින්ට උපකාර කරන ලෙස ඊයේ උද්ඝෝෂණයක්ද පැවති අතර එහිදී පොරොන්දුවූ ආකාරයට නාවික හමුදාව උපකාර කර තිබේ.