The-teacher-principal-was-tear-gassed-for-the-protest-and-has-actually-been-on-sick-leave-for-tomorrow

කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත් වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
රෝහල් ගතවූ තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා මඳ වේලාවකදී පිටව ගොස් තිබේ.


අනෙක් අය කොළඹ ඇස් රෝහල වෙත යොමු කර වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
අද (ජූනි 26) ගුරු විදුහල්පතිවරුන් පිරිසක් සිදු කළ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලිසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට විරෝධය පළ කරමින් හෙට (ජූනි 27) වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.



වැටුප් විෂමතාව ඉවත් කිරීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම ඇතුළු කරුණු මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ ගුරු – විදුහල්පති වැඩවර්ජනයට සමගාමීව අද (26) කොළඹ දී පැවති විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම විරෝධය බලාපොරොත්තු වූවාට වැඩ දැඩි උණුසුම් ස්වභාවයක් ගන්නා ලදි.
විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීම වළක්වා ලීම සඳහා ලෝටස් පාර කටයුතු අකර තිබුණු නමුත් විරෝධතාකරුවන්

එය නොසලකා හැරීම නිසා ලෝටස් මාර්ගය අසලදී විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය.
දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජන කරමින් එම විරෝධතාවට ගුරු – විදුහල්පතිවරු පැමිණ සිටි අතර අද විරෝධතාවට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර යන්ට විරෝධය පළකරමින් හෙට දිනයේද වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති අවසානයේ තීරණය කර තිබේ.