japan-record-spike-stss-bacterial-infection

මාංශපේෂී දිය කරමින්, ‘ස්ට්‍රෙප්ටෝකොකල්ස් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම්' රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියා ආසාදිතයන් දහසක් මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ජපන් සෞඛ්‍ය අමත්‍යාංශය ඊයේ (18) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දිනෙන් දින ආසාදිතයන් වාර්තා වුවත් ජපානයෙන් මරණ කිසිවක් වාර්තා වී නැත.

'ස්ට්‍රෙප්ටෝකොකල්ස් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම්' නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගෙන ඇත. මෙය අසාමාන්‍ය තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇත. එසේ වුවත් බැක්ටීරියාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.



ජපන් වෛද්‍යවරුන්ට අනුව, බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ වෙයි. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවෙයි. ‘ස්ට්‍රෙප්ටෝකොකල්ස් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම්’ රෝගී තත්ත්වය ඇති කරන බැක්ටීරියාව, ස්ට්‍රෙප්ටෝකොකල්ස් කාණ්ඩයට අයත්ය. මෙම කාණ්ඩයේ බැක්ටීරියා දුර්ලභ වන අතර, කඩිනමින් නිසි ප්‍රතිකාර නොලැබුණොත් මාරක වෙයි.



බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙයි. ඉන්පසු එය රුධිරයට ඇතුළු වෙයි. ඒ, බැක්ටීරියාවේ විෂ මුදා හරිමිනි. රෝගී තත්ත්වය ඔඩුදුවන්නේ නම්, ආසාදික පටක සිරුරින් ඉවත් නිරීම ද සිදුවෙයි. බැක්ටීරියා ආසාදනය සැක ද හැර දැනගැනීම රුධිර පරීක්ෂණයකින් කළ හැකි වෙයි. ඉන්පසු ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ රෝගීන්ට ලබා දෙයි. බැක්ටීරියා ආසාදන, වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි ද විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

‘ස්ට්‍රෙප්ටෝකොකල්ස්' බැක්ටීරියාව ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බැවින් ආසාදිතයන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම සිදු කරන බව ජපන් සෞඛ්‍ය බලධාරීහු පවසති. නිතර දෑත් සෝදා පිරිසුදුව තබා ගැනීම, කිවිසුම් යද්දී සහ කැස්ස ඇතිවිට නාසය සහ මුඛය ආවරණය කර ගැනීම බැක්ටීරියාවෙන් ආරක්ෂා විය හැකිය.