The-crime-boss-who-dug-up-a-house-and-searched-for-gold

ස්කැනර් යන්ත්‍ර­යක් රැගෙන විත් ආණ­ම­ඩුව පෙර­මා­කු­ත්තුව ප්‍රදේ­ශයේ නිවෙ­සක කැණීම් කර රත්‍රන් සෙවීමේ නිරත වූ පුත්ත­ලම කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් සිව් දෙනකු වහාම එම ඒක­ක­යෙන් ඉවත් කර ස්ථාන මාරු දී ඇති බව පුත්ත­ලම නියෝජ්‍ය පොලි­ස්පති නාලක සිල්වා මහතා ඊයේ (7) පැව­සිය.



ඒ අනුව පුත්ත­ලම කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) තෙන්න­කොන් රාජ­පක්ෂ කොස්වත්ත පොලිස් ස්ථාන­ය­ටත්, පොලිස් සැර­යන් බස්නා­යක (35898) කල්පි­ටි­ය­ටත්, (පො.කො) අබේ­සිංහ (87744) තොඩු­වා­ව­ටත්, (පො.කො) 84135 සේනා­නා­යක ආර­ච්චි­ක­ට්ටු­ව­ටත් ස්ථාන මාරු ලබා තිබේ.

විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් ආණ­ම­ඩුව පෙර­මා­කු­ත්තුව නිවෙ­සට පසු­ගිය මැයි මාසයේ පැමිණ ඇති බවත්, ඉන් පසුව පාෂණ හෝ වෙනත් භූග­තව ඇති දෑ සෙවී­මට යොදා­ගන්නා ස්කෑනර් යන්ත්‍ර­යක් යොදා­ග­නි­මින් අදාළ නිවෙස තුළ කැණීම් කර ඇති බවත් එම යන්ත්‍ර­යෙන් ලබා දුන් කිසි­යම් සංඥා­වක් අනුව අදාළ ස්ථානය කිසිදු ලෙස­කින් හෝ කැණී­මක් නොක­රන ලෙස දන්වා නිවෙ­සින් පිට වී ගිය බවත් නිවැ­සි­යන් විසින් මේ සම්බ­න්ධව විම­ර්ශන කරන පොලිස් කණ්ඩා­යම් වෙත ප්‍රකාශ දී තිබිණි. ඉන් පසුව නැව­තත් ජූනි 2 දින නැවත අදාළ නිල­ධා­රීන් පිරිස මේ නිවෙ­සට පැමිණ අදාල නිවස තුළ නිවැ­සි­යන්ගේ විරෝ­ධතා මැද කැණීම් කර තිබේ. පසුව මේ පිළි­බඳ පොලිස් හදිසි ඇම­තුම් ඒක­ක­යට 119 ලැබුණු පැමි­ණි­ල්ලක් මත ආණ­ම­ඩුව පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් දෙදෙ­නකු පැමිණ ඇති බවත් ඒ වන විටත් අදාළ නිල­ධා­රීන් නිවෙස තුළ කැණීම් කර­මින් ඇති බව පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ.



පසුව මේ පිළි­බඳ ආණ­ම­ඩුව, හලා­වත හා කරු­ව­ල­ග­ස්වැව යන පොලි­ස්ථා­න­වල නිල­ධා­රීන් විසින් මේ සදහා පරී­ක්ෂණ සදහා යොදවා තිබිණි. කෙසේ නමුත් මේ වන විට සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත්තේ මේ කැණීම කළ පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­යම ඒ සම්බ­න්ධ­යෙ­නන් කිසිදු ඉහළ නිල­ධා­රි­යකු දැනු­වත් කර නැති බවයි.

අදාළ පොලිස් කණ්ඩා­යම් කැණීම් කළ නිවෙසේ හිමි­කරු 2017 වසරේ ගස­කින් ඇද වැටී­මෙන් මර­ණ­යට පත්ව ඇති බවත්, එයින් පසු ඔහුගේ බිරිය මාන­සික ආත­ති­යට පත්වි ප්‍රති­කාර ලබ­මින් සිටින බවද ඇයගේ ඥාතින් විසින් දරු­වන් තිදෙනා හා ඇයගෙ රැක­ව­ර­ණය ලබා දෙමින් සිටින පසු­බි­මක මේ පොලිස් කණ්ඩා­යම අදාළ නිවෙසේ රත්‍රන් වළ දමා ඇති බව පව­ස­මින් කැණීම් කිරීම බර­ප­තළ තත්ත්ව­යක්ව තිබේ. මේ සිද්ධිය පිළි­බ­ඳව පුත්ත­ලම නියෝජ්‍ය පොලි­ස්පති නාලක සිල්වා මහ­තාට මේ සිද්ධිය පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා උප­දෙස් දී තිබේ.
(හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)