bmich-dead-body

බණ්ඩා­ර­නා­යක සම­න්ත්‍රණ ශාලාවේ පැවැති කාර්මික ප්‍රද­ර්ශ­නයේ ලංකා කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලයේ වෙළෙඳ කුටියේ රාජ­කාරි කළ සේව­ක­යකු එම පරි­ශ්‍ර­යේදී හදී­සියේ මිය යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව කුරු­දු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදි­රියේ ඊයේ (24) කරුණු වාර්තා කළේය.



කාර්මික ප්‍රද­ර්ශ­නය අව­සා­නය දිනය වූයේ ඉකුත් 23 වැනිදා කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රීන් විසින් පව­ත්වනු ලැබූ සතුටු සාදය අව­සා­න­යේදී අනෙක් පිරිස බස් රථ­ව­ලින් පිටත්ව ගොස් ඇති අතර මෙම පුද්ග­ලයා බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලාවේ සිරි­මාවෝ ශාලාව ඉදි­රි­පිට වැටී සිටි බවට එම සම්න්ත්‍රණ ශාලාවේ පොලිස් මුර­පොළේ ස්ථානා­ධි­ප­ති­ව­රයා තම පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කළ බව කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

ඒ අනුව මෙලෙස මිය­ගොස් සිටියේ අංක 577/13ඒ, ගාලු­පාර, රාව­තා­වත්ත, මොර­ටුව ලිපි­නයේ පදිංචි කටු­බැද්ද කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලයේ සේව­ක­යකු වන විජේ ජේසු­දා­සන් නමැ­ත්තකු බව ද කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබේ.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රි­ය­කු­ගෙන් සහ මර­ණ­ක­රුගේ බිරි­ය­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇති බවත් මර­ණ­කරු වැටී සිටි ස්ථානයේ සොකෝ නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­වට ලක්කළ බවත් සඳ­හන් කළ කුරු­ඳු­වත්ත පොලි­සිය මෙම සැක­ක­ට­යුතු මර­ණය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය පැවැ­ත්වීම සඳහා අව­සර ලබා දෙන ලෙසට අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඒ අනුව කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉලං­ග­සිංහ මහතා එම ස්ථාන­යට ගොස් මහේ­ස්ත්‍රාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙසට එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා කොළඹ ජාතික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යාට නියෝග කළේය.

කුරු­ඳු­වත්ත පොලි­සියේ පොලිස් සැර­යන් 18680 සමන් රාජ­පක්ෂ මහතා සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

(නිමන්ති රණ­සිංහ)