cane-williamson-giveup-captancy

නවසීලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට කේන් විලියම්සන් තීරණය කර ඇත. මෙවර විස්සයි20 ලෝක කුසලානයේ අසාර්ථකත්වයෙන් අනතුරුව හෙතෙම මෙම තීරණය ගෙන ඇත. ඊට අමතරව ඔහු ගිවිසුම්ගත වී සිටින නවසීලන්ත මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවන්ද ඉවත් වීමට ඔහු තීරණය කර ඇත.



ඔහු එහිදී ඉඟි පළකර ඇත්තේ නවසීලන්ත මෙවර පරාජයට තමන් වගකිව යුතු බැවින් මෙම තීරණය ගත් බවයි. 2021 වර්ෂයේ විස්සයි20 ලෝක කුසලානයේ අනුශූරයන් ලෙස කිරුළු පැලඳි හා 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත් නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී දැඩි පසුබෑමක් පෙන්නුම් කළ අතර, ඔවුන් පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

එහිදී ඇෆ්ගනිස්ථානය හා සත්කාරක බ.ඉ.කොදෙව් කණ්ඩායම් හමුවේ දරුණු පරාජයන්ට මුහුණදීමට ඔවුන්ට සිදුවිය. නවසීලන්තය, පළමු ටෙස්ට් ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා ගෙන ගිය නායකයා වූ කේන් විලියම්සන්, ක්‍රිකට් පිටියේදී මෙන්ම ඉන් පිටතදීද මහත්මා ගුණ පෙන්වන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට අතර, ඔහු පසුගිය වසරේදී ටෙස්ට් නායකත්වයටද සමු දුන්නේය.