cement-price-down

ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබේ.
ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආර්ථික අවපාතය සමග සිමෙන්ති මිල විශාල ලෙස ඉහළ ගියේය.
සිමෙන්ති කොට්ටයක මිල 1375ක සිට 1850 දක්වා 475 කින් 2022 මාර්තු මාසයේදීද,


1850 ට පැවති  තවත් 500 කින් ඉහළ දමා 2350 දක්වා 2022 අප්‍රේල් මාසයේ මුලදීද,
2350 පැවති මිල රුපියල් 2750 දක්වා 2022 අප්‍රේල් මාසයේ අගදීද විශාල ලෙස ඉහළ දැමූ අතර 2750 ට පැවති සිමෙන්ති මිල 2450 ට අඩු කරන ලද්දේ මාස ගනනාවකට පසුය. මෑත කාලීනව මැයි 1 වනදා එම අගය 2400 දක්වා රුපියල් 50 කින් අඩු කර තිබූ අතර අද නිවේදනය අනුව ජූනි 1 වනදා සිටසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබේ.