chamuditha-ccd

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් සිදු කරන විමර්ශන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.



ඉකුත් 20 වැනි දින එම නාදුනන පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි ප්‍රධාන දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා විමසීමේදී කිසිදු පුද්ගලයෙකුගේ නමක් සදහන් කිරීමට අසමත් වූ බැවින් ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවට තමන් පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා තමන්ට බැණ වදින්නට වූ බවත්, එම අවස්ථාවේදී තමන් එම පුද්ගලයන් පැමිණි යතුරුපැදියේ ලියාපදිංචි අංකය සටහන් කර ගැනීම සඳහා උත්සාහ දැරීමේදී පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් තමන්ගේ ඡායාරූපයක් ලබාගත් බැවින් යතුරුපැදියේ ලියාපදිංචි අංකය ලියා ගැනීමට නොහැකි වූ බවත් එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වි තිබේ.

නාදුනන පුද්ගලයන් එම ස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදී

එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාදුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජනවලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස්නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් ඒ බව දැනුම් දුන්නද එම පොලිස් Fලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස්තිබූ බව එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශවලින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොමැත. එලෙස පැමිණි පුද්ගලයන්ගේ පදිංචිය, පැමිණි පුද්ගලයන්ගේ අනන්‍යතාව හා එවුන් පැමිණි හේතුව හා කාගේ වුවමනාවට පැමිණියේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.එම සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමහරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතද පැමිණිලි කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ