china-coastal-guard

චීන මුහුදු සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතු­ළු­වන විදේ­ශි­ක­යන් අත්අ­ඩං­ගු­වට ගෙන රඳවා තබා ගැනීමේ කාල­සී­මාව දින 60ක් දක්වා දීර්ඝ කිරිමේ එරට වෙර­ළා­ර­ක්ෂක බළ­කායේ නීති­රෙ­ගු­ලාසි පසු­ගිය 15 වැනිදා සිට ක්‍රියා­ත්මක කර ඇතැයි ‘ජපෑන් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කළේය. එම නීති­රෙ­ගු­ලාසි ක්‍රියා­ත්මක කර ඇත්තේ මත­භේ­ද­යට තුඩු දී ඇති දකුණු සහ නැඟෙ­න­හිර චීන මුහුදේ

උද්ගත වන උණු­සුම මධ්‍ය­යේය. එය චීනයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරීමේ අර­මු­ණින් යුතුව සිදු කර ඇතැයි ද ‘ජපෑන් ටයිම්ස්‘ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. චීන මුහුදු සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වන විදේ­ශි­ක­යන් දින 60ක් දක්වා රඳවා තබා ගැනීමේ ක්‍රම­වේ­දය ක්‍රියා­ත්මක කරනු ලබන්නේ සංකීර්ණ අව­ස්ථා­ව­ලදී පම­ණක් බවත්, සෙසු අව­ස්ථා­ව­ලදී අන­ව­සර බෝට්ටු සහ යාත්‍රා ජල ප්‍රහාර එල්ල කර පලවා හැරී­මට කට­යුතු කරනු ඇති බවත් වාර්තා වේ.