dawatagaha-church

කොළඹ දව­ට­ගහ පල්ලිය බිඳ එහි කාම­ර­යක තිබූ ලැප්ටොප් වර්ගයේ ජංගම දුර­ක­ත­න­යක් සොරා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි කුරු­ඳු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදි­රියේ ඊයේ (24) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ඳු­වත්ත පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ රාව­තා­වත්ත මොර­ටුව ලිපි­නයේ තෙල්ගේ මිරාජ් ප්‍රියංක ශ්‍රීනාත් පීරිස් නමැති කොළඹ 07 බැප්චිට් චැපැල් පල්ලියේ (කොළඹ දව­ට­ගහ පල්ලියේ) කළ­ම­නා­කා­ර­ව­රයා විසිනි.



පල්ලියේ ආර­ක්ෂාව සඳහා පුද්ග­ලික ආර­ක්ෂක සේව­යක නිල­ධා­රීන් යොදවා තිබූ බවත්, ඔවුන් පැය විසි­හ­ත­රේම සේවය ලබා දෙන බවත් සඳ­හන් කර ඇති පැමි­ණිල්ල පල්ලියේ යතුර භාරව සිටින්නේ අරු­ල්දාස් පොන්න­යියා යන අය බවත් සඳ­හන් කර ඇතැයි කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

ඉකුත් 19 වැනිදා සවස පල්ලිය වසා දැමූ පසු අලු­යම් කාල­යේදී කිසි­වකු හෝ පල්ලියේ පිටු­පස කාම­රයේ දොර විවෘත කර එහි තිබූ යකඩ කබඩ් එකක් විවෘත කර එහි සියල්ල ඇද දමා ඇති බවත් එහි තිබූ ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් සොරා­ගෙන ඇති බවත් පැමි­ණිල්ල සඳ­හන් කර ඇතැයි කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණ.



එසේම, පල්ලියේ ඉදි­රි­පස දොරක අගු­ලක් බිඳ දමා ඇති බව ද දැක­ගත හැකි බවට ද පැමි­ණිල්ල සඳ­හන් කර තිබූ අතර, පල්ලියේ සී.සී.ටී.වී. පරී­ක්ෂා­වට ලක් කර බවත් ඇඟිලි සල­කුණු කිහි­ප­යක් ද සොයා ගත් බවත් කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ඒ අනුව සැක­කරු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පරී­ක්ෂණ පව­ත්වන බව ද මෙහිදී කුරු­ඳු­වත්ත පොලි­සියේ අධි­ක­රණ අංශයේ පොලිස් සැර­යන් 18680 සමන් රාජ­පක්ෂ මහතා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට කුරු­ඳු­වත්ත පොලි­සි­යට නියෝග කර­මින් නඩුව කල් තැබීය.
(නිමන්ති රණ­සිංහ)