dilith-jayaweera-speaks


සර්වජන බලය සන්ධානය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සූදානමින් සිටින බවත් ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්‍යාපාරික දිලිත් ජයවීර කියා සිටියේ

වාමාංශික ජාතිකවාදී මතවාදය නියෝජනය කරන ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික විකල්පය ලෙස ‘සර්වජන බලය’ සන්ධානය මතුව ඇති බවයි.
වාමාංශික ජාතිකවාදයට සහය දක්වන එකම දේශපාලන කන්ඩායම තම සන්ධානය බව සඳහන් කළ ඔහු අනෙකුත් සියලුම පක්ෂ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ධජය යටතේ එක්සත් වී ඇති බව සඳහන් කළේය.
 රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන සියලු දෙනාම මෙම මතවාදයට අනුගත වන බව කියන ඔහු තම සන්ධානය ජනතාවට සුවිශේෂී විකල්පයක් ලබා දෙන බව කීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉක්මණින් දේශපාලන ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සර්වජන බලය සූදානම් බවද ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවද කී නමුත් ඒ කවුරුන්ද යන්න දිලිත් ජයවීර හෙළි කළේ නැත.