doctor-death-peduru

යාප­නය පේදු­රු­තු­ඩුව රෝහලේ තරුණ වෛද්‍ය­ව­ර­යෙකු සිය කාම­රය තුළ සිය දිවි හානි කර­ගෙන සිටිය දී ඔහුගේ මළ සිරුර පෙරේදා (12) හමු වී තිබේ.

මිය­ගිය වෛද්‍ය­ව­රයා වසර හතක කාල­යක් වෛද්‍ය­ව­රි­යක සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් පවත්වා ගෙන ගොස් ඇති අතර වෛද්‍ය­ව­ර­යාගේ මව ශාස්ත්‍ර­ක­රු­වකු කළ ප්‍රකා­ශ­යක් හේතු­වෙන් එම විවා­හ­යට කැමැත්ත ලබා දී නොමැත.
මේ දෙදෙනා විවාහ වුව­හොත් ස්වාමියා මාස තුන­කට වඩා වැඩි කාල­යක් ජීවත් නොවන බව ශාස්ත්‍ර­කරු කීම නිසා කොළඹ පදිං­චිව සිටින මව එම විවා­හ­යට අව­සර ලබා දී නොමැත.



පෙමින් වෙළී සිටින වෛද්‍ය­ව­රිය වෛද්‍ය­ව­ර­යාට ඉක්ම­නින්ම විවාහ විය­යුතු බව දන්වා සිටීම නිසා වෛද්‍ය­ව­රයා දැඩි මාන­සික ආත­ති­ය­කට පත්ව සිටි බව එම රෝහලේ වෛද්‍ය­වරු පේදු­රු­තු­ඩුව පොලි­සි­යට ප්‍රකා­ශ­කොට තිබේ.
සිද්ධිය වූ දින­යේදී කාම­ර­යට ගිය වෛද්‍ය­ව­රයා සිය පෙම්ව­ති­යට දුර­ක­තන ඇම­තු­මක් ලබා දී තමන් සිය දිවි හානි කර­ගන්නා බව දැනුම් දී පසුව නිහඬ වී ඇත.

වෛද්‍ය­ව­රයා මිය­ය­න්නට පෙර කඩ­දා­සි­යක යමක් සට­හන් කිරී­මට උත්සහ කොට ඇතත් ඔහුට එය කිරී­මට නොහැකි වීම නිසා කඩ­දා­සියේ කුඩා අකුරු තුනක් පම­ණක් සට­හන් වී තිබි­යදී පොලි­සිය විසින් එම ලිපිය සොයා ගෙන තිබේ.
දුර­ක­තන ඇම­තු­මෙන් පසුව කල­බ­ල­යට පත් වෛද්‍ය­ව­රිය පේදු­රු­තු­ඩුව රෝහලේ වෛද්‍ය­ව­රුන්ට දුර­ක­තන ඇම­තු­මක් ලබා දී ඔහු ගැන විප­රම් කොට බලන ලෙස දැනුම් දී ඇති අතර වෛද්‍ය­වරු පැමිණ බලන විට ඔහු මිය­ගොස් සිට ඇත.



ඉතා ධන­වත් පවු­ලක දරු­වකු වන වෛද්‍ය­ව­රයා නේපා­ල­යේදී වෛද්‍ය උපා­ධිය ලබා ගෙන පේදු­රු­තු­ඩුව රෝහලේ මාතෘ වාට්ටුවේ සේව­යට පැමිණ ඇති අයෙකි.
ප්‍රේමේ­න්ද්‍ර­රාජා ක්‍රිෂාන් නැමති 30 හැවි­රිදි මෙම වෛද්‍ය­ව­රයා නිර්වි­න්දන ඖෂ­ධ­යක් අධික ලෙස එන්නත් කර ගැනී­මෙන් හා ආඝ්‍රා­ණය කිරී­මෙන් මිය­ගොස් ඇති බවට මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී තොර­තුරු හෙළි වී ඇත.
මළ සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සඳහා පේදු­රු­තු­ඩුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා ගෙන යයි.