english-news-paper-wedding-ads

සති අග ඉංග්‍රීසි පුව­ත්ප­ත්වල මංගල දැන්වීම් පළ­කර පියකු සහ පුතකු ලෙස ද්විත්ව රංග­න­යක යෙදෙ­මින් මත්ද්‍රව්‍ය වලට පුන­රු­ත්ථා­පන වූ පුද්ග­ල­යෙ­කුගේ හැඳු­නු­ම්පත යොදා­ගෙන මුදල් වංචාවේ යෙදුනු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් වර­යෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය කියයි.

සැක­කරු වංචාව සඳහා යොදා­ගත් ජංගම දුර­ක­ථන දෙකක් රවු­ට­ර­යක් සහ ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් පොලිස් භාර­යට ගෙන ඇත.



මොර­ටුව විශ්ව විද්‍යා­ල­යෙන් ඉංජි­නේරු උපා­ධිය ලබා ඇති 28 හැවි­රිදි එකම පුතුට කොළඹ ප්‍රදේ­ශ­යෙන් රූමත් මන­මා­ලි­යක් බලා­පො­රොත්තු වන බවට පියා වශ­යෙන් හඳුන්වා සති අග ඉංග්‍රීසි පුව­ත්ප­තක සැක­කරු පළ කර තිබූ මංගල දැන්වී­ම­කට කොළඹ ප්‍රදේ­ශයේ රජයේ විශ්‍රාම ලැබූ ධන­වත් යුව­ළ­කගේ විශ්ව විද්‍යා­ල­යක අව­සන් වසරේ සිසු­වි­යක් වන එකම දිය­ණි­ය­කගේ මවක් එම මංගල දැන්වීමේ තිබූ දුර­ක­ථන අංක­ය­කට කතා කර අද­හස් හුව­මාරු කර­ගෙන තිබූ බව පොලි­සිය කියයි.

දෙපා­ර්ශ­වයේ අද­හස් මූලි­කව ගැල­පෙන බැවින් පුතුගේ ඡායා­රූ­ප­යක් එවන ලෙස දැනුම් දීමෙන් අන­තු­රුව වට්සැප් තාක්ෂ­ණය ඔස්සේ කඩ­ව­සම් තරු­ණ­ය­කුගේ ඡායා­රූ­ප­යක් සැක­කරු විසින් එම යුවළ වෙත එවා තිබූ බව පොලි­සිය කියයි.

ප්‍රිය­ම­නාප පෙනු­ම­කින් යුත් කඩ­ව­සම් තරුණ අනා­ගත බෑනා සමග තොර­තුරු හුව­මාරු කර ගැනී­මට ද අව­ස්ථාව සලසා දීමට දෙම­ව්පි­යන් විසින් කට­යුතු කර තිබූ අතර ඒ අනුව වට්ස්ඇප් තාක්ෂ­ණය ඔස්සේ ඔහු නොවුන් අද­හස් කර­ගෙන තිබූ බව පොලි­සිය කියයි.

ඒ අත­ර­තුර තරු­ණි­යගේ මවු­පි­යන්ද සැක­කරු හා දුර­ක­ථ­න­යෙන් සම්බන්ධ වෙමින් අපි රුපි­යල් කෝටි­යක දෑවැ­ද්දක් ලබා දෙන බවත් පැව­සී­මේදී අපි දෑවැද්ද බලා­ගෙන දරුවෝ ගන්නේ නෑ යයි සැක­කරු පවසා තිබූ බවද පොලි­සිය සඳ­හන් කරයි.



මාස­යක් පමණ ගත­වෙද්දී හිටි­හැ­ටි­යේම තරු­ණි­යගේ දුර­ක­ථ­න­යට කතා කර තිබූ තරු­ණයා යැයි හඳුන්වා ගත් පුද්ග­ලයා තමන් සමාජ සේවා කට­යුතු කරන බවත් ආබා­ධිත දරු­වෙ­කුගේ පරී­ක්ෂ­ණ­යක් සඳහා මුදල් පරි­ත්‍යා­ග­යක් සිදු කරන බවත් හැකි උප­කා­ර­යක් සිදු කරන ලෙසත් තරු­ණි­යට පවසා ඇත.

ඔහු ඒ බව තහ­වුරු කිරීම සඳහා මුහුණු පොතේ පල කර තිබූ සමාජ සත්කා­රක ඡායා­රූප කීප­යක්ද තරු­ණිය වෙත ඒවා විශ්වා­සය දිනා ගැනී­ම­ටද කට­යුතු කර තිබිණි.

අහක දැමිය නොහැකි තර­මට ඔහු නොවුන් කතා බහෙන් ලන් වී ඇති බැවින් තරු­ණිය ඔහු ලබා දුන් ගිණුම් අංක­ය­කට රුපි­යල් 30000/= බැර­කර යි සමීප හිත­ව­තුන්ට සහ ඥාතීන්ට ඒ බව පවසා තවත් රුපි­යල් ලක්ෂ දෙක­කට අධික මුද­ලක් බැංකු ගත කර ඇති බව විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

දින කීප­යක් ගත­වෙද්දී තරු­ණි­යගේ මවු­පි­යන් විසින් තරු­ණ­යාගේ පියා වන මංගල දැන්වීම පළ කළ පුද්ග­ලයා වෙත ඇම­තු­මක් ලබා දී තම නිව­සට පැමි­ණෙන ලෙස ආරා­ධනා කර ඇති අතර එම ආරා­ධ­නාව ඉහ­ලින්ම පිළි­ගෙන තිබූ සැක­කරු නිව­සට පැමි­ණෙන දින­යේදී දුර­ක­ථන සියල්ල විස­න්ධි­කර , වට්සැප් ද අක්‍රී­ය­කර තිබී ඇතැයි පොලි­සිය කියයි.

තමන් මහා වංචා­ව­කට හසුව ඇති බව දැන­ගත් විශ්‍රා­මික යුවළ පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය වෙත පැමිණ කළ පැමි­ණි­ල්ලක් අනුව සිදු­කළ විම­ර්ශන වලදී සැක­කාර යුද්ධ හමුදා මේජ­ර්ව­රයා තරු­ණි­යගේ වෙත ලබා දී තිබූ දුර­ක­ථන අංක, එලෙ­සම තරු­ණිය වෙත ලබා දී තිබූ බැංකු ගිණුම් අංක ඔහුගේ නමට ලියා­ප­දිංචි වූ ඒවා නොවන බවත් එය දකුණු පළාතේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුන­රු­ත්ථා­ප­නය වූ පුද්ග­ල­ය­කුගේ නැති වු හැඳු­නු­ම්ප­තක පිට­ප­තක් ලබාදී සකස් කර ගත් ඒවා බවට පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි.



අන­තු­රුව විම­ර්ශන නිල­ධා­රීන් සීසී­ටීවී කැමරා 20 කට ටික ප්‍රමා­ණ­යක දර්ශන විශාල ප්‍රමා­ණ­යක් පරික්ෂා කර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංග­න­යක යෙදුණු සැක­කාර යුද හමුදා මේජ­ර්ව­රයා නිට්ට­ඹුව වතු­පි­ටි­වල බෝඩිම් කාම­ර­යක සැඟව සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් විය.

සැක­කරු තරු­ණිය හා මවු­පි­යන් සමඟ කතා කර කරන ලද එම කාලය තුළ කිසිදු අව­ස්ථා­වක එකම සිංහල වච­න­යක් හෝ කතා නොකර චතුර ලෙස ඉංග්‍රීසි බසින් පම­ණක් කතා කර ඇති බවත් පොලිස් විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

59 හැවි­රිදි සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී දර්ශිකා කුමාරි , ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක නදීකා ගුණ­සේ­කර මහ­ත්මි­යගේ මෙහෙ­ය­වී­මෙන් උප­පො­ලිස් පරී­ක්ෂක ඉසුරු ගුණ­ති­ලක පොලිස් සැර­යන් ගුණ­රත්න හා රජිත මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.
(බණ්ඩා­ර­ගම- බිමල් ජය­සිංහ)