exam-payment-hike

පාසල් විභාගවල පිළිතුරු පත්‍ර ඇගයීම් දීමනා සියයට සියයකින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට විභාග දෙපාර්තමේන්තුව යෝජනා කළද ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත්තේ දීමනා සියයට පනහත් හැත්තෑ පහක ප්‍රමාණයකින් වැඩි කිරීමටය.



මෙම නව වැඩිකිරීම් මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල සිට ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම නව දීමනා වැඩිවීම් ඒ ඒ විෂයන්වලට අදාළ බර තැබීම් අනුව සිදු කෙරේ. උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ ගුරුවරුන් සඳහා වන රුපියල් 1450ක් වූ ගමන් වියදම් දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි කෙරේ. ම

ෙම වැඩිවීම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන් සඳහා පමණි.

ඒ ඒ විෂය අනුව බර තබමින් දැනට ගෙවනු ලබන දීමනාව සංශෝධනය කිරීමට පසුගිය වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබිණි.

ඉහත වැඩිකිරීම් සිදු කෙරෙන්නේ ඒ සඳහා දැරීමට සිදු වන අතිරේක පිරිවැය සහ ඉදිරි වසරවල ප්‍රතිපාදන සලසා දීමේ දුෂ්කරතා සලකා බලමින් මෙන්ම දැනට අනුමත කර තිබෙන වැටුප් හා දීමනාවලට අමතරව විවිධ අනුමත කිරීම් සඳහා මූල්‍යමය හැකියාවක් රජයට නොමැති බවට කැබිනට් මණ්ඩලය පසුගිය මාර්තු මාසයේ ගෙන ඇති තීරණයද සලකා බලමිනි.

ඇගයීම් මණ්ඩලයේ සෙසු අධීක්ෂණ නිලධාරීන්ද සියයට පහක් දහයක් වැනි ප්‍රතිශතයක පිළිතුරු පත්‍ර ඇගයීමක් සිදු කරන හෙයින් ඔවුන් වෙනුවෙන් සමස්ත කාර්යයන් සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම පසුවට සලකා බැලීම සුදුසු බවටත් අයවැය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ අනුව ඔවුන්ට වැඩි වන්නේ පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් වැඩිවන දීමනාව පමණි.



දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් සහ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් මගිනි.

පසුගිය දිනවල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වෙමින් කළ එක් ඉල්ලීමක් වූයේ ද ඇගයීම් දීමනා වැඩි කිරීම ය.

තවමත් පොලිස් වසම් 414ක අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි වන බැවින් වහාම එම ජාවාරම් නැවැත්වීම සඳහා පොලිසිය මීට වඩා පීඩනයක් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට දිය යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

ලබන ජූලි පළමු වැනිදායින් පසු ත්‍රිවිධ හමුදාවත් සහභාගි කරවාගෙන නව ආරකින් ඇරඹෙන යුක්තිය මෙහෙයුමේ මීළඟ අදියරේදී පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් තම කොට්ඨාසය මත්ද්‍රව්‍ය භාවිතය බින්දුවට බැස්සිය යුතු බවත්, එසේ නොකරන නිලධාරීන් ගැන අධීක්ෂණය නියෝජ්‍ය පොලිස්පතිවරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පියවර ගතයුතු බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කර ඇත.

(නිලන්ත මදුරාවල)