flood-deaths-17

ආපදා තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස්, 13 දෙනකු තුවාල ලබා, එක් අයකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 6ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 3ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් 2ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ආපදා තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 41,610කට අයත් 1,61,290ක් පීඩාවට පත්ව සිටිති.

නිවාස 3,381කට අර්ධ හානි සිදු වී, නිවාස තවත් 17කට පූර්ණ හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට ආරක්ෂිත ස්ථාන 123ක පවුල් 1,888කට අයත් 8,212ක් රඳවා තබා ඇතැයි ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදු වී ඇති අතර, එහි පවුල් 14,734කට අයත් 61,188ක පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මෙයට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 7,611කට අයත් 28,552ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 648කට අයත් 2,885ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 432කට අයත් 946ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4,108කට අයත් 15,942ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2,896කට අයත් 10,953ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66කට අයත් 258ක් පීඩාවට පත්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.



මෙයට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3,124කට අයත් 10,643ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 7,685කට අයත් 28,826ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 10කට අයත් 49ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 48කට අයත් 159ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 36කට අයත් 130ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 212කට අයත් 759ක් ආදි වශයෙන් පීඩාවට පත්ව සිටිති.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු සහ ගංවතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර, ගංවතුරේ විනෝද වෙමින් ජලයේ රැඳී සිටි ඇඟුරුවාතොට, උඩුවර කරඳවතුගොඩ ප්‍රදේශයේ සිවු දෙනකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඇත.ඉන් පුද්ගලයන් තිදෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර, එක් අයකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. එලෙස අතුරුදන්ව ඇත්තේ, නිවිවැටල් වත්ත, නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, 17 හැවිරිදි තරුණයෙකි.

 නිමල කොඩිතුවක්කු