from-kangana-ranaut-to-hema-malini-new-parliament

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් නළු නිළියන් ගණනාවක්ම ජය ලබා තිබේ. ඒ අතර භාරතීය සිනමාවේ සිහින කුමරිය, හේමා මාලිනී, ආන්දෝලනාත්මක ප්‍රකාශ වලට ප්‍රසිද්ධ කන්ගනා රනවුත්, රාමායනය ටෙලි
නාට්‍ය මාලාවේ රාමා ලෙස රඟපෑ මීරුත්, සෝනාක්ෂි සිංහාගේ පියා වන ප්‍රවීණ නළු ශතෘගන් සිංහා, නළුවකු හා ගායකයකු වන මනෝජ් තිවාරි,

රවි කිෂන්, සුරේෂ් ගෝපි සහ දේව් අධිකාරී, හිරාන් චැටර්ජි, ලොකට්
චැටර්ජි, රචනා බෙනර්ජි, ජුන් මාලියා, සතාබේදි රෝයි යන බෙංගාලි නළුවන් ජය ලැබූ තරු අතර වෙති.
භාරතීය ජනතා පක්ෂයෙන් තරග කළ ඉන්දීය සිනමාවේ සිහින කුමරිය වන හේමා මාලිනී වැඩි ඡන්ද 29,407කින් 'මතුරා' අසුන ජය ගත්තාය. මේ ඇයගේ තෙවැනි මැතිවරණ ජයග්‍රහණයයි.
37 හැවිරිදි කන්ගනා රනවුත් වැඩි ඡන්ද 5,37,022න් මන්දි අසුන ජයගත් අතර මේ ඇයගේ පළමු මැතිවරණ ජයග්‍රහණයයි.