galle-prison

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු තවත් රැදවියන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) රාත්‍රි මියගොස් ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි.මියගොස් ඇත්තේ හියාරේ ගමගේ නිහාල් අරුණ ශාන්ත (56) නමැති

පල්ලේවත්ත,පොද්දල, බලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් මෙකී රැඳවියා බන්ධනාගාරගතව සිට ඇත. ඔහු ගාල්ල බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිට ඇත.

මෙකී රැඳවියා විසින් වැසිකිළිය සඳහා භාවිත කරනු ලබන භාජනයක් ජල ටැංකියකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වාට්ටුවේ සිටි රැඳවියන් දෙදෙනෙකු මොහුට පහරදී ඇත. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ රැඳවියා ගාල්ල බන්ධනාගාරය මගින් මීට දින තුනකට පමණ ඉහතදි කරාපිටිය රෝහලේ 37 වාට්ටුවට ඇතුළත් කොට තිබුණි.මොහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබුණි. ගාල්ල බන්ධනාගාරය සහ ගාල්ල පොලිසිය එක්ව මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි.
ජේ.කේ.එල්. චාමින්ද