galle-road-race

 පොලිස් සංඥාවලට අවනත නොවී කොල්ලුපිටිය ගාලු පාරේ අනාරක්ෂිත ලෙස මෝටර් රථ රේස් පැද වූ බව කියන තරුණයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.ඒම තරුණයන් පැද වූ මෝටර් රථ ද පොලිස් වූ භාරයට ගෙන ඇත. ගාලු පාරේ වැල්ලවත්ත දෙස සිට ගාලු මුව දොර දෙසට විවිධ රූප සවිකරන ලද මෝටර් රථ හතරක් තරගයට ධාවනය කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව තරුණයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.





වැල්ලවත්ත සහ කොල්ලුපිටිය සහ කොල්ලුපිටිය අතර තිබෙන පොලිස් මාර්ග බාධක දෙකක රාජකාරී නිරත පොලිස් නිලධාරීන් ද එම මෝටර් රථවලට නවතන ලෙස සංඥා කර ඇතත් ඒවාට ද අවනත නොවී මෝටර් රථ ධාවනය කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම මෝටර් රථ පසුපස හඹා ගොස් ගාලු මුවදොර ප්‍රදේශයේ දී මෝටර් රථවල්ලා මග හරස් කර නවතා සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් භාරයට ගත් මෝටර් රථවල දෙහිවල සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි සැකකාර තරුණයන් වයස අවුරුදු 21, 22 හා 28 පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.අත්අඩංගුවට ගත් තරුණයන් අපරීක්ෂාකාරී රිය ධාවනය අන්තරාදායක රිය ධාවනය පොලිස් සංඥාවලට අවනත නොවීම, විවිධ රූප සවිකර වාහන ධාවනයේ යෙදීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ