geeth-madushanka-australia

 ඕස්ට්‍රෙලියාවේ පර්ත් හි ලැන්ග්ෆෝර්ඩ් හි බීපී ඉන්ධන පිරවුම්හලකදී පසුගිය මැයි 25 දින රාත්‍රී 10 ට පමණ එහි සිටි ශ්‍රී ලාංකිකයෙකු බාහිර පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක්වී තිබේ.

පෙබරවාරි මාසයේ සිට පර්ත් නුවර අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු වන 28 හැවිරිදි ගීත් මධුශංක අධ්‍යාපනය ලබමින් සිටියදී අතිරේක රැකියාවක්ද කරමින් සිට ඇත.  සිද්ධිය වූ දිනයේ ඉන්ධන පිරවුම් හලට ආ තවත් පාරිභෝගිකයෙකුගෙන් මෙම පහරකෑමට ලක්ව ඇත.
30 හැවිරිදි සිරිල් බෙනඩික්ට් ගාර්ලට් නමැති සුදු ජාතිකයෙකු ඔහුට දරුණු ලෙස පහරදී ඇත. එහිදී සිසුවා වැටී තිබෙන බවත් නැවත නැවත ඔහුගේ හිසට පහර දී ඇතැයිද පොලිසිය වාර්තා කරයි.


තුවාල ලද ඔහු රෝයල් පර්ත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් තර තිබේ.

මෙම පහරදීම් සිදු කළ ගාර්ලට් නමැති පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. බරපතල ලෙස තුවාල කිරීම, ශාරීරික හානියක් සිදු කරන පහරදීම සහ සාපරාධී හානි හෝ දේපල විනාශ කිරීම යන චෝදනා එල්ල වී ඇත.නිලධාරීන් පවසන්නේ ගාර්ලට් එදිනට පෙර තවත් මිනිසුන් දෙදෙනෙකුට පහර දී පොලිස් පැමිණිලි ලැබී ඇති බවයි.

සිසුවාගේ තත්වය බරපතල වන අතර තවත් සතියක කාලයක් ඒකකයේ ප්‍රතිකාර ලබන්නට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් පවසා තිබේ.

 
ඔහුගේ ආදරණීයයන් දැන් GoFundMe නමැති අන්තර්ජාල අරමුදලෙහි ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් රැස් කරමින් සිටින්නේ ඔහුට තව ප්‍රතිකාර අවශ්‍ය බව පවසමිනි. මේ වන විට ඔවුන් ඕස්ට්‍රෙලියානු ඩොලර් 9,000 ක් එකතු කර ඇත.

(ඩේලි මේල් ඇසුරිනි)