haj-temper

සෞදි අරා­බියේ මේ දින­වල අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් හජ් වන්ද­නා­වට මැකා නුව­රට ගිය ඉස්ලාම් බැති­ම­තුන් 577 දෙන­කුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් රෝගී වූ තවත් බැති­ම­තුන් දෙද­හ­ස­කට අධික පිරි­ස­කට ප්‍රති­කාර ලබා දීමට සෞදි බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි ද වාර්තා වේ.



එරට ජාතික කාල­ගුණ විද්‍යා මධ්‍ය­ස්ථා­න­යට අනුව මේ දින­වල මැකා නුවර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ඇති අතර, දැඩි උණු­සු­මක් පව­තින දිවා කාල­යේදී හිරු රැස්ව­ලට ආව­ර­ණය වීමට කුඩ­යක් භාවිත කරන ලෙසත්, වැඩි­පුර ජලය පානය කරන ලෙසත් සෞදි බල­ධා­රින් බැති­ම­තුන්ට උප­දෙස් දී ඇතැයි ද වාර්තා වේ. මෙවර හජ් වන්ද­නාව සඳහා ලක්ෂ 18ක ඉස්ලාම් බැති­ම­තුන් මැකා නුව­රට පැමිණි බවත්, ඒ අතර විදේ­ශීය බැති­ම­තුන් ලක්ෂ 16ක් සිටින බවත් සෞදි බල­ධා­රීන් ප්‍රකාශ කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.