handapanvila-elephant-killing

හඳ­පා­න්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසු­ගිය දිනක අලි පැට­වුන් පස්දෙ­නෙකු ඇතුළු වන අලි හත්දෙ­නකු අකා­ලයේ මිය­යෑ­මට ප්‍රධාන හේතුව හඳ­පා­න්විල රක්ෂි­තයේ නීති විරෝධී මත්පැන් නිෂ්පා­ද­න­ක­රු­වන්ගේ ප්‍රති­ඵ­ල­යක් බව ජල­ගැ­ලීම් නිම්න ජාතික වනෝ­ද්‍යාන සුරැ­කීමේ සංග­මයේ සභා­පති ටී. තීපන් මහතා සඳ­හන් කළේය.

එම වන­අලි රංචුව තම නීති විරෝධි අරක්කු නිෂ්පා­ද­න­යට බාධා­වක් හා ආර­ක්ෂා­වට තර්ජ­න­යක් බැවින් එම අලි රංචුව ඕඩේ ඇළට පන්නා ඇති බවට තොර­තුරු තහ­වුරු වී ඇති බව තීපන් මහතා වැඩි­දු­ර­ටත් කීවේය.



පසු­ගිය 27 වෙනිදා අවු­රුදු 01,08,09.10 හා 15 ,25 යන වයසේ පසු­වන වන අලි හත් දෙනෙකු හඳ­පා­න්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී මිය ගිය අතර වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ ගිරි­තලේ වන­ජීවී පශු වෛද්‍ය­ව­රුන් සිදු­ක­රන ලද පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී හෙළි වූයේ ඇළේ එරී ජලය පෙවී­මෙන් එම අලි හත්දෙනා මිය­ගොස් ඇති බවයි.

අලි හත්දෙ­නාම මිය යෑමට එලෙස හේතු වුවද එම ඕඩේ ඇළට අලි රංචුව වැටී­මට හේතු වී ඇත්තේ හඳ­පා­න්විල විල්ලුවේ මහා පරි­මා­ණ­යෙන් අරක්කු නිෂ්පා­ද­නය කරන නිෂ්පා­ද­ක­ව­රු­වන්ට මෙම වන­අලි රංචුව ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන බවත්, බැරල් සහ අනි­කුත් දඟ­ර­ව­ලට හානි සිදු­වන බැවින්ද එම නිෂ්පා­ද­ක­ව­රුන් මෙම වන­අලි රංචුව ඔවුන් විසින් නිෂ්පා­ද­නය කර­ගත් ගිනි අවි­ව­ලින් අහ­සට වෙඩි තබා ඇළට පන්නා දැමී­මෙන් සිදු වූ ක්‍රියා­වක ප්‍රති­ඵ­ල­යක් හා අප­රා­ධ­යක් බවට මේ වන විට තොර­තුරු හෙළි­ද­රව් වී තිබෙන බවද තීපන් මහතා පෙන්වා දුන්නේය.



හඳ­පා­න්විල විල්ලුව ඇතුළු සොරි­විල ප්‍රදේ­ශයේ මහා පරි­මා­ණ­යෙන් අරක්කු නිෂ්පා­ද­නය කරන අතර ඔවුන් විවිධ අව­ස්ථා­ව­ලදී වන­අ­ලින්ට මෙන්ම වන සතුන්ට හානි­ගෙන දෙන අයු­රින් මෙම නිෂ්පා­ද­න­යන් සිදු­ක­රන බවට මේ වන විට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබෙන බවත් ඒ පිළි­බඳ අදාළ බල­ධා­රීන් දැනු­ම්වත් කර තිබෙන බව ද තීපන් මහතා කීවේය.

සිරි­පුර මදු­ශානි අබේ­සිංහ