harin-speaks

 කණ්ඩායමෙන් හැලුණු ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ දිනවල මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ඊට සෝෂල් මීඩියා කාරයන් (සමාජ මාධ්‍ය ජාලා කරුවන්) පිරිසක් අනුබල දෙමින් හැසිරීමෙන් මෙරට මුළු ක්‍රිකට් ක්‍රීඩාවම දුෂණයට ලක් වෙමින් පවතින බවත් ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.කොළඹදී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා එසේ පැවසුවේ දැන් පැවැත්වෙමින් තිබෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමිණි.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ සෝෂල් මීඩියා කාරයන් කියන ආකාරයට ක්‍රිකට් තේරීම් කමිටුව ඔවුන්ට බාරදීම හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගැනීමට වෙනත් විකල්පයක් ඉතිරිව නැති බවයි.එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය. මෙහෙම නින්දිත මාධ්‍ය කලාවක් ලංකාවේ ඇරෙන්න ලෝකයේ වෙන කොහේවත්ම නෑ. මම අද මෙතන්ට ආවේ ක්‍රිකට් ගැන කතා කරන්න නොවෙයි. ඒත් ඒ ගැන කතා කරන්න වුණා.දිනන කොට ක්‍රිකට් කණ්ඩායම හොදයි.හැබැයි මැච් දෙකක් පරදින කොට ක්‍රීඩකයන්ගේ රෙදි ගලෝනවා.මම ශ්‍රී ලංකා ටීම් එක රටින් පිට වෙන කොටම කොටම ක්‍රීඩකයන්ට කිව්වේ ඔයාලා සෝෂල් මීඩියා නම් බලන්න එපා කියලා. ඒත් එහෙම වෙලා නෑ වගේ දැන් පේන්නේ. දිනනකොට කණ්ඩායම. පරදින කොට ඇමැති. මෙහෙම මතයක් තමයි ෂෝසල් මීඩියාකාරයන් රටට දෙන්න හදන්නේ.



දැන් බලන්න ශම්මි සිල්වා හැමෝම ප්‍රශ්නයක් කර ගෙන හින්දා හරීන් ප්‍රනාන්දු ළගදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගේ කාලය අවුරුදු අටකින් දීර්ඝ කරන්න ගැසට් එකක ගැහුවා කියලා සෝෂල් මීඩියා කාරයෝ කියා ගෙන ගියා.මේ යක්කු මේ ගැසට් එක හරියට කියලාවත් නැතුවයි මේ කතාව කියන්නේ.එහෙම ක්‍රිකට් ආයතනයට කියලා කිසිම ගැසට් එකක් නිකුත් කරලා නෑ. ඔය කතා කරන ගැසට් එක පොදුවේ මේ රටේ තියන ජාතික ක්‍රීඩා සංගම් 73 ටම අදාළව නිකුත් කරපු එකක්.ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාවේ වසර 16 ක් දක්වා කල් ගෙවූ කිසිදු නිලධාරියකුට ඉන් එහාට තනතුරු දරන්න බෑ කියන එකයි මේ ගැසට් නිවේදනයෙන් කිය වෙන්නේ.අවුරුදු අටක් ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාවේ සභිකයෙකු පමණක් වෙලා හිටපු නිලධාරින්ටත් ඕන නම් සභාපති වෙන්න ලේකම් වෙන්න අවස්ථාවදෙන්නයි මේ ගැසට් Imeters නිවේදනය ගෙනාවේ.

එහෙම නැතිව සෝෂල් මීඩියා කාරයෝ කියන විදියට ෂම්මි සිල්වාට තව අවස්ථාව දෙන්න හදපු ගැසට් එකක් නොවෙයි මේක. මේ වගේ බොරු වපුරන කී බෝඩ් කාරයෝ පාලනය කරන්න තමයි ආණ්ඩුවට ඔන් ලයින් පනත ගේන්න් වුණේ.අද තියෙන්නේ අනූ හයේ ක්‍රිකට් නොවෙයි.අනූ හයට කලින් ක්‍රිකට් ක්‍රීඩාව අදට වඩා වෙනස්. ලෝඩ්ස් පිටියේ අද තරගයක් ආරම්භ කරන කොටම ඔට්ටු අල්ලන වෙනම පිරිසක් ඉන්නවා.

අද ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය එහෙමයි.

රොෂාන් රණසිංහ මහතාට කවුරු හරි ලියලා දෙන ඒවා වෙන්න ඇති ඔය කියවන්නේ. දිවුරලා කියනවා විස්සයි - 20 ලෝක කුසලානෙට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී කිසිම බලපෑමක් දැන් ඔය තෝරපු කණ්ඩායමට සිදුවුණේ නෑ කියලා. අඩුයි කියන ක්‍රිඩකයන් ඉන්නවා නම් නම් කරන ලෙස මම ඔය චෝදනා කරන අයට අභියෝග කරනවා.මේ වෙලාවේ ප්‍රබලම තත්වයේ ඉන්න ක්‍රීඩකයො හතර පස් දෙනාත් ඔතන ඉන්නවා.එහෙම නම් වෙන කවුද කණ්ඩායමට ඇතුළත් කරන්න කියන්නේ ? බූරුවෝ වගේ කතා කරනවා.ඔය ගහපු මැච් දෙකම අපිට දිනන්න තිබ්බා.නමුත් සුලු අත්පසුවීම් දෙක තුනකින් අපි පැරදුණා. මේක මහ අරුම පුදුම රටක්.

කණ්ඩායමෙන් අඩු පාඩුවුණාද කියලා අපි හොයලා බලනවා. හැබැයි මගේ පෞද්ගලික අදහස මීට පස්සේ ලෝක කුසලාන තරග සංචාර සදහා සූදානම් කෙරෙන ශ්‍රී ලංකා කන්ඩායම අවුරුදු 25 ට අඩු ක්‍රීඩකයන්ගෙන් සූදානම් කළ යුතු බවයි.එදා නම් පිටින් එන බලපෑම් මත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කළ අවස්ථා තිබ්බා.අද ඒවා නදැන් කණ්ඩායමේ තැනැක් නැති සමහර ක්‍රීඩකයෝ එළියට වෙලා ඉදගෙන සෝෂල් මීඩීයා කාරයෝ ටිකක් එකතු කර ගෙන දැන් මඩ ගහනවා මේවායින් වෙන්නේ බොහොම අමාරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයට කැදවා ගෙන ආපු සනත් ජයසූරිය වගේ අය අධෛර්යට පත්වීමයි.”

නාමල් පතිරගේ