harsha-de-silva-speaks

නව කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මගින් මින් ඉහත කියා තිබූ දේ වෙනස් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කොන්දේසී පවා දැන් වෙනස් කරගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.



ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මේ වන විට නිවේදනය කර ඇත්තේ පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පැවසූ බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගත් එකඟතා ගිවිසුමට අනුව පළමු දේපළටද බද්ද අදාළ වන බව එහි සදහන් වූ බව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් කීය.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමෙහි සදහන් කිසිදු වගන්තියක් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළ කතාව බොරුවක් වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රී හර්ෂ
පසුගිය දින දෙක තුන තුළ තමා ඇතුළු අය මෙම බද්දට සිදුකළ විරෝධය නිසා දැන් එහි වගන්ති වෙනස් කර ඇති බවත් ජනපතිට ප්‍රකාශයකින් එය දැනුවත් කරන්නට සිදුවූ බවත් කියා සිටියේය.